ජිවිතේ හැමදාමත් දුක් විදින්න වෙන්නෙ නෑ කියලා මං එදා ඉදන්ම විස්වාස කලා.ඒත් සතුට තියෙන්නේ කොහෙද කියලා මං දැනන් හිටියෙ නෑ .
::::::::::::: ආත්මීය සෙනෙහස :::::::::::::
කවදාවත්ම දාලා යන්නේ නෑ මගෙ සුද්දෝ ..
මං දන්නවා මැණික ....
හැබැයි ඉතින් මාව දාලා යයිද දන්නෙ නෑ නේද....
සරදමට වගේ කිව්වත් ඇත්තටම මගෙ හිතේ චකිතයක් තිබුනා .ඒක මගෙ ආදරේ ගැන සැකයක් නෙමෙයි .හැමදාමත් මට දුක උරැම වුන නිසා හිත එහෙම හිතන්න තරම් මාව අසරණ කරලා තිබුනා .
මං කොහෙ යන්න ද ඔයාව දාලා රත්තරනේ ... ගියොත් ඉතින් වල පල්ලට තමයි.....
චී.... මොනවද මේ කියන කතා....
ඇයි..... අපිත් දවසක මැරෙනවා මැණික .... ඒක තමයි යතාර්ථය ...
හරි ඉතින් මැරෙනවා කියලා මමත් දන්නවා ... ඒත් කියවන්න ඕන නෑ ....
හොදයි ...මැඩම්....
පිස්සා....
නහය දිගට තියෙද්දි අදින්නමයි හිතෙන්නේ .....
ආව්.... ඉතින් මට රිදෙනවා ... අතඅරින්නකෝ.... ආව්....
සිංදුවක් අහමුද .... මැණික ...
ම්ම් .....
ඔබ ගියාම දුක මට දී.... දුක දරාගන්න නොහැකි ....
සම වැදිලා නිරෝෂා ගෙ සිංදුව ඇහුවෙ අතීතයේ වුන අමිහිරි මතක වල අළු තාමත් හිත යට තිබුන නිසාද මංදා.
හා... හා...නෝනා...පියවි සිහියට වඩින්න...
අනේ මේ....කවුද දන්නෙ නෑ ... හොට්ටා වගේ ඇඩුවේ....යන්තම් නලවලා නලවලා අඩන එක නවත්ත ගත්තෙ මං....
හරි ඉතින් එහෙම තමයි... හදවතින්ම ආදරේ කලහම දුක වැඩියි....රැවටුනහම ඊට වඩා දුකයි....
ම්ම් ... මං දන්නවා සුද්දෝ ... අපි දෙන්නම එක වගෙ දුක් විදලා තියෙනවා නේ....දැන්වත් ජිවිතේ විදින්න ඕන....විදෙව්වා මදැයි....
හ්ම්ම් ... අපි ජිවත් වෙමු....
නිකංම....
නෑ ...මගෙ මැණික ගොඩක් ආදරෙන් ...පන වගේ ...ජිවත් වෙමු....
හ්ම්ම් ....
ඔය පපුවේ උණුසුම දැනුනා .නලලත තැබුව හාදුව ආදරේට ශාක්ෂි දැරැවා.
දන්නවාද සතුට තියෙන්නේ කොහෙද කියලා ....ජිවිතේ හැමදාමත් දුක් විදින්න වෙන්නෙ නෑ කියලා මං එදා ඉදන්ම විස්වාස කලා.ඒත් සතුට තියෙන්නේ කොහෙද කියලා මං දැනන් හිටියෙ නෑ .
හ්ම්ම් .... අපේ හිතේ... දුකත් සතුටත් ...හදවතේ තමයි ඇතිවෙන්නෙ...
අම්මෝ දැන් නම් හරි පන්ඩිතයා....ගොඩක් දේවල් දන්නවා නේ ඔයා....
ආහ් ..ඉන්නවා ... තව දන්න ඒවා තියෙනවා කියලා දෙන්න ....
අනේ.... මං විහිලුවක් කලේ ඉතින් ...කෝ අතඅරින්නකෝ ... අම්මාලත් එයි ... චී....
අනේ...කියන දේ අහන්නකෝ......
බෑ.... මේ කටනේ වැඩි.... ...
අම්මා ....අ..ම්....
ඇද්ද ....
මං තරහයි.....
තරහයි .... තරහයි ...
නෑ ...නෑ ...තරහ නෑ ... ඉන්නකෝ... අම්මාට උදව් වෙන්න ඕන ...අනේ...
ම්ම් ... යමු... මාත් එනවා උයන්න ...
කරට අත දාගෙන මා එක්කම ඔයත් කුස්සියට එද්දී දන්නවාද මට හිතුනෙ මොකක්ද කියලා .ඔයා වගේ සැමියෙක් ලබන්න එයාට පිනක් තිබිලා නෑ කියලා .ජිවිතේම දුකක් වෙලා හිටිය මට ඒ පින තිබුනා .ආත්මීය බැදිම් කියන්නේ මේ වගේ බැදීම් වලට නේද කියලා මට හිතුනා.ඔයා වගේ කෙනෙක් රවට්ටලා යන්න තරම් හිතක් තියෙන අයත් ඉන්නවා නේද කියලා හිතෙද්දි පුදුමත් හිතුනා .නෑ ..ඒකේ පුදුමෙකුත් නෑ ..මටත් වුනේ ඒකමනේ .
හ්ම්ම්ම්ම්.....
මොකද මැණික ... හයියෙන් සුසුම් හෙලන්නේ ...මොකද වුනේ ...
නෑ ...නිකං අනේ....
බොරැ.... ඇත්ත කියන්න ...
මගෙ ඇස් වලට එබිලා අහද්දි කොහොමද බොරැ කියන්නේ .
මට අපි දෙන්නගෙ අතීතය මතක් වුනා රත්තරනේ ...ඒකයි...
පිස්සි ... දැන් ඒ හැමදේම අමතක කරන්න ...අපි එච්චර දුක් වින්ද නිසා තමයි අපිට ආදරේ මේ තරම් වටින බව අද දැනෙන්නෙ ..තේරැනාද මගෙ මැණිකට....
ම්ම් ...
ආයේ කදුලු නෑ ... කවදාවත් හොදද ....
ම්ම් ... යමු අම්මා පව්....
ඉන්න ... එකක් ....
බෑ ... යමු... අම්මා පව් අනේ...
හ්ම්ම් ..යමු....
අම්මෝ ලස්සන මුණේ.... උම්මා ....ආදරේයි රත්තරනේ ...
යමු... දැන් හරිනේ....
ආදරේ කියලා කියන්නේ ජිවිතේට.ඒ මට දැනෙන විදිහ.ආත්මීය සෙනෙහසක් ජිවිතේට ලැබුනහම දැනෙන සතුට දැනිලා තියෙනවා ද.
නදීරා සමරක්කොඩි .
2016/08/01</div>
COMMENTS