උදේම ඒ හිනාව දකින්න තිබුණා නම් යැයි සිතමින් පාරට ආව මෙනුදි වට පිට බැලුවේ ත්‍රිවීලර් එකක් තියෙනවද කියල . අයියෝ අද නම් පරක්කුයි හොඳටම...
අයියෝ අද නම් පරක්කුයි හොඳටම.....මේක හරියන්නෑ යන්න එකක් හරියට හොයා ගන්න ඕන.....
ඇයි බං boss අවුල්ද.....
දැනට අවුලක් නෑ බං ...ඒත් හැමදාම පරක්කු වෙන්න බෑනෙ....හරි නෑනෙ බං .....
ඔය එන එකට අත දාපන් බලන්න ....
අපෝ ඒකෙත් ඉන්නව ...චීක්....
බයික් එකක් ගන්න ඕන බං මේක හරියන්නෑ ....
ගමු ගමු..... උඹට කීයක්ද ඕන කියපංකෝ.....😆😆
හංසිගෙ විහිලු හමුවේ පරක්කු වීමද මෙනුදිට අමතක වූවාය.
අදත් trin එක මිස් වෙනවා බං.....
ආ.... මේ ඒකයි....දැන්නෙ මට හරියටම වැටහුණේ .....
අනේ මේ...මඟුලක් කියන්න එපා බං... මට පරක්කු වෙන හින්දා ......
ඇත්ත ද නංගී .... හැංගී හැංගී වෙස් බැන්දට බං නටන්න වෙන්නෙ එලිපිටලු නෙ.....we will see නංගී .....
උඹට නම් අත්තන ඇට කැවිල බං....මං මේ ඔලුව ගිනි අරං ඉන්නව .....රෙද්ද....
ආ ....ඕන් එනවා.... පැනපං පාරට....
Uncle අනෙ දඩස් ගලා station එකට දාන්න .....
මෙනුදි හිටියෙ ඒ මූන දකින්න ආසාවෙන්.
උඹට ඌ දැක්කත් ඇති නෙ...
පිස්සු ද බං...මං මේ trin එක එනවද බැලුවේ .....
ඇත්තට......දැන් trin එක ඔය පැත්තෙන් ද එන්නේ .....
බූරිච්චියේ මම බැලුවේ signal දාලද කියල ....
අම්මට ....උඹටත් කියන්න මොනවම හරි තියෙනව නෙ....හාකෝ හාකො නංගී .....
සිහිනයක් වගේ හැමදාම ඇස් ඉස්සරහට එන ඒ හිනාව අද දකින්න බැරි වෙයිද.
හිරැ මෙන් දිදුළන
නුඹේ සිනා මුව
දැකිනට හෝ
වරම් නැතිද මට
ආ....නංගී .... ආං එනව උඹේ trin එක....
දෙයියනේ ...ලස්සන ....
මෙනුදිගෙ ඇස් දෙක දිලිසුනාය.
හිනා වෙයන් ඉතින් .....
පිස්සු ද බං....ඒ මනුස්සය හිතයි මට පිස්සු කියල .....
ඉතින් හරිනෙ බං උඹට පිස්සු නේන්නං ......
අනේ මේ මාව හිනස්සන එපා බං.....
චී ලැජ්ජාවෙ බෑ......
යකෝ හිනාවෙන්න ලැජ්ජ වෙන්න ඕනද....අනේ මංදා බං උඹල කාගෙ දරැවො ද .....
මැට්ටියෙ.....
ඒ බං අරැ මේ පැත්තට එනවා......
අපි කතා කරමුද ......
පිස්සු ද යකෝ.....
බෑ බෑ අද නම් මම කියනව අයියෙ මෙයා ඔයාට ආදරෙයි කියල ......
අම්මෝ හංසි....මම පනිනව කෝච්චියට....
අනේ මේ....උඹ ඊලග එකට පැනපං....අපිට වැඩට යන්න පරක්කු වෙනවා......
දකින්න ආසව තිබුනට ඒ ඇස් දිහා එක එල්ලෙ බලන්න තරම් හයියක්නම් මෙනුදිට තිබුනෙ නෑ..
ඒ බං ඌ අද නම් එන්නේ කතා කරන්න වගේ...
මෙනුදිට හුස්ම හිර වෙන තරම් අපහසුතාවක් දැනෙන්න ගත්තාය.
Excuse me.....නංගී ......
මෙනුදිගෙ මුලු ඇඟම ගැහෙන්නට ගත්තාය.
ඇයි මේ බය වෙලා වගේ......නංගී මම ඔයා එක්ක කතා කරන්න ආවෙ....බය කරන්න නෙවෙයි .....
ආ ...අයියෙ ඒ මෙයාගෙ හැටි.....ඔයා එයාව දැකල බය වෙන්න එපා......
මෙනුදි හංසිගෙ අත මිරිකුවාය.
ඌයි.......
මෙනුදිට තරැ පෙනුනි. හංසිගෙ විදිහ ඕකමය.
නංගී මට පොඩි උදව්වක් ඕනි......ඔයා වැඩ කරන්නේ A G office නේද.....
මෙනුදි හිස සැලුවා විනා කිසිවක් නොකිවාය.
නංගිට පුලුවන් ද මට birth certificate අලුතින් ගන්න from දෙකක් ගෙනත් දෙන්න.....බබාගෙ ඉස්කොලේට අලුතින් එකක් දෙන්න වෙලා.....පුලුවන් වෙයිද නංගී ......
මෙනුදිගෙ අත තදින් අල්ලා ගන්නට හංසි අමතක නොකලාය.
පුලුවන් අයියෙ මම හෙට ගෙනත් දෙන්නම්........
මෙනුදි දුටු සිහින සියල්ල බොඳ විනි.
ඇස් දෙක කකියන්නට ගත්තාය .කෑ ගසා හැඩිමට අවැසිය.එහෙත් .......
නුඹ සිහිනයක්
දිලුන මුත් අහස පුරා
නුඹ අහිමි වූ හිරැය
රාත්‍රියක් ම විය
අමාවක.........
COMMENTS