Herpes - ආදරේට හර්පීස්

අම්මා අම්මා මං යනවා පරක්කු වෙලා අනේ පුතේ බත් චුට්ටක් කාලා යන්නකෝ බෑ අම්මා රිවිශන් ක්ලාස් එකට පරක්කු වෙනවා හා බුදුසරණයි



herpes-hithuwakari
#චූටි #කතාවක්

සිප ගැනීමේදි හර්පීස් වෛරසය බෝ වෙනවා කියලා දන්නවද
දැන්ම කියවන්නේ කියවන්න බැරි එවුන් පැත්තකට වෙලා හිටු
මේක ලියන්නේ දැනුමට ආරක්ෂාවට යමක් දෙන්න
ඒ නිසා ලිංගිකත්වය ගැන කතා කරද්දි ලැජ්ජ හිතෙන එවුන් අනික් පැත්තට පල
කියවන ඇයෝ කියවහල්ලා

අම්මා අම්මා මං යනවා පරක්කු වෙලා
අනේ පුතේ බත් චුට්ටක් කාලා යන්නකෝ
බෑ අම්මා රිවිශන් ක්ලාස් එකට පරක්කු වෙනවා
හා බුදුසරණයි

ඉක්මනට ආවේ විනාඩියක් හරි පරක්කු උනොත් රමේශ් අයියා නයා වගේ පෙනේ පුප්පන නිසා

රමේශ් අයියා බස් එකේදි නිතරම දැකලා කතා බහ කරලා අදුරගෙන ආදරය කරපු මගේ පෙම්වතා

සදලි
අයියේ
මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ
ඉතිම් අපි බීච් යමු
නෑ මායි ඔයයි විතරක් ඉන්න තැනකට යමු මට නිදහසේ කතා කරන්න ඕනේ
ඒත් අයියේ

අකමැත්තෙන් උනත් රමේශ් අයියාගේ ඉල්ලිම් ඉටු කරේ ආදරේ නිසා...

ඒ මාසයකට පෙර අතීතය....

අම්මා කට වටේ දැවිල්ලයි අම්මා

කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැති සැරින් සැරේ කට වටේ ඇති උන වණයනම් හොද වෙන්නෙම නෑ

යමන් ආයේ බෙහෙත් ටිකක් ගන්න

වෛද්‍යවරයාගේ තීරණය උනේ චරම රෝග විශේෂඥ සහය ලබා ගැනීමයි

කොච්චර කාලයක් වෙනවද මේක හැදිලා
මාස 6ක් විතර ඩොක්ටර්
ඔය දරුවට පේම සම්බන්ධතා එහෙම තියනවද
කලින් තිබුනා දැන් නෑ ඩොක්ට

පරීක්ශණ කිහිපයකින් පසු අවසාන තීරණය උනේ මට හර්පීස් නැමැති රෝගය වැලදී ඇති බවයි

මට සමාවෙන්න අම්මා

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මෙන්න නෙත්මියගේ අදහස

හිතපන් ප්‍රේම සම්බන්ධතා පටන් ගන්න කලින් බාහිර පෙනුමෙන් අපට හොයන්න අමාරුයි ඌ නැත්තම ඇය ලිංගික රෝගියෙක්ද කියලා

අනික් කාරණේ අම්මගේ ඇස් වලට වැලි ගහලා රූම් අස්සේ රිංගලා අන්තිමට ලෙඩ හදාගෙන ඇව්ත් අම්මගෙන් සමාව ඉල්ල්න එක සාධාරණයිද යකුනේ

දස මාසයක් කුස තුල තියන් ඉදලා ආදරෙන් කිරි පොවලා ආදරෙන් කකුල් අත පය හදලා අඩු පඩු ලොකු උනාම නන්නත්තරේ ගිහින් ඇවිත් ඒ අම්මා අප්පච්චිගෙන් සාමාව ඉල්ලුවාම ඇතිද ඒ පව ගෙවන්න බොලව්

යන්න කලින් හිතපන් මේ උබලටයි කියන්නේ

හර්පීස් කියන්නේ මොනවාද???
හර්පීස් කියන්නෙ වෛරස් එකක්

#ගොඩක් #එවුන් #හිතන්නේ #ආ #අපි #ඕවා #කරන්නේ #නෑ #කිස් #කරනවා #විතරනේ???

එහෙනම් මේ ටිකත් දැනගනියව්
හර්පීස් කියන එක වර්ග දෙකයි මේ ටිප් වන් කියන වර්ගය සිප ගැනීම් විතරක් නෙවෙව් චූටි ලමයෙක් ගේ මුවට ලං වෙලා කතා කරද්දි පවා බෝවෙන්න පුලුවන්

ඒ නිසා මීට පස්සේ දවස් දෙකකට තුනකට ලං කරන් ඉන්න එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැනත් අවදානෙන් හිටු

බෝ වුනොත් මේක හොද කරන්න බෑ

කාලකෙදි නැවත මතු වෙනවාමයි

ප්‍රදාන වගයෙන් මේ ටිප් වන් කියන වෛරය කට වටේ දිය බිබිලි විදියට හටගන්නවා....පසුව ඒවා පුපරා යනවා...සුව උනත් නැවත මතු වෙනවා

කොටු පයින්නේ බලාගෙනයි කිස් කරද්දි බලාගෙනයි 🤣🤣🤣🤣🔫🔫🔫🔫

################################

ගොඩක් අය අහනවා ඇයි නෙත්මි ඔයා සෙක්ස් ගැන ලියන්නේ කියලා

ඇයි මං ලැජ්ජ වෙන්නේ ඒ ගැන කතා කරන්න ඇයි මං කට වහන් ඉන්න ඕනේ මං කෙල්ලෙක් නිසාද

අපේ මේ බොරු ලැජ්ජාව නිසා තමා ගූගල් එකේ සෙක්ස් කියන දේ සර්ච් කරන පලවෙනි රටවල් 10 අතරේ අපිත් ඉන්නේ

නෙත්මි නෙත්මි නෙත්මි ඔව් නෙත්මි තමා මං වෙනස් දෙයක් කරන්න උත්සහ කරන

අපි කට වහන් හිටපු නිසා තමා මේ තරම් රටේ කාමාතුරයෝ බිහි වෙලා ඉන්නේ

මොකද කතාවකට කමෙන්ට් කරලා ගේම ඉල්ල්න්න අය හිටියට සැබෑ ලෝකෙදි ඒවට හඩ නගන්න කෙනෙක් නෑ

දැක්කාම අනේ පව් කියනවා ඇරෙන්න කතා කරන්න එකෙක් නෑ

ඔක්කොම එවුන්ගේ සිංහනාද බලු කෙදිරි

එකෙක් හොයල බැලුවද ඇයි මිනිස්සුට මෙහෙම වෙන්නෙ කියලා

ආදරේ සිප ගැනීම් වැලදගැනීම් විතරද යකුනේ මේ සමාජේ තියෙන්නේ

එහෙම හිතනවනම් කියන්න කනගාටුයි උබලා තාම නර්සරි ක්ලාසස් වල ඉන්නේ

එලියට බැහැලා ඇස් ඇරලා බලපියව් සමාජේ වෙන්නේ මොනාද කියලා

මට මේක ලියන්න ඕනේ කියලා හිතුනේ ආටිකල් එකක් දැකලා .... අපි දන්නේ මොනාද කියලා හිතුනා ඒක කියෙව්වාම.....

ලමායි අදහස් කියන්න එහෙනම්...

----නෙත්මි---------

ගොඩක් අය ඉල්ලිමක් කරා මීට වඩා මේ ගැන දැනගන්න ඕනේ කියලා ඒ නිසා පෝස්ට් එකේ මෙන්න මේ කොටස එඩිට් කරා හොදයි මෙන්න එහෙනම්

හර්පිස් යනු මොනවාද හර්පිස් වර්ග දෙකයි
1 ටිප් වන් වෛරසය හැදෙන්නේ කට ආශ්‍රිතව
2 මේක ඇති වෙන්නේ ලිංගික සම්බන්ධතා වලින් ලිංගික අවයව ආශ්‍රිතව

ටිප් වන් වෛරසය අසාදිත පුද්ගලයෙකු සිපගැනීම සහ මුවට ලං වී කතා කිරීම මගින් උනත් බෝ වෙන්න පුලුවන්

ලිංගික සම්බන්දතා මගින් බෝ වෙන අනෙත් වර්ගය ලිංගික ක්‍රියාකාරකම් තුලින් වැලදෙනවා

මොනාද මේ වගේ ලක්ශණ

මේවා මතු වෙන්නේ කුඩා දිය බිබිලි හෝ ගැටිති ආකාරයෙන් මේව රාගියක් ඇති වෙලා පිපිරී යාම මගින් අදික වේදනාවක් ඇති වෙනවා

මුත්‍රා දවිල්ලත් මේ කුඩා බිබිලි නිසා ඇති වෙන්න පුලුවන්

ගැබ් ගෙල ආශ්‍රිතව උනත් මේ වෛරසය පැතිරෙන්න පුලුවන්

කොහොමද මේක වැලෙදෙන්නේ
මුක සංසරගයේදි
ලිංගික සංසරගයේදි
වගේම ටිප් වන් වයිරසය ආසාදිත කෙනෙක් සිප් ගැනීමෙන් ස්පර්ශයෙන් පවා මෙය වැලදෙන්න ඉද තියනවා

අසාදිත මවක් දරුවෙක් ප්‍රසූත කරනකොට ලිංගේන්දිට වටා බිබිලි තුවාල තිබුනත් දරුවට වැලදෙනවා

කුඩා දරුවෙක් සිප් ගැනීමෙන් පවා

හර්පීස් වලටඇති ප්‍රතිකාර

වහාම ලිංගික රෝග විශේෂඥ උපදෙස් ලබාගන්න සායන වලට සහභාගී වන්න

හර්පීස් වලින් වලකින්නේ කොහෙමද
විශ්වාසවන්ත ලිංගික ඇසුරකට පමණ්ක් යොමු වෙන්න

කරුණු ප්‍රමාණවත් කියලා හිතනවා

Nethmi lmasha .....

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: Herpes - ආදරේට හර්පීස්
Herpes - ආදරේට හර්පීස්
අම්මා අම්මා මං යනවා පරක්කු වෙලා අනේ පුතේ බත් චුට්ටක් කාලා යන්නකෝ බෑ අම්මා රිවිශන් ක්ලාස් එකට පරක්කු වෙනවා හා බුදුසරණයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzXkBkhmFaJZa6Z3KYX8qmkXF-oonFFiTg3Va8bnD8sdaImPNS0zMT08nntT_rphIRjFKgULPXiYgyAj_BLSu_R4xyux8cEwSEMWx2LJlxxqbHdySNBYhMDI7gg_F9Ms5ORdkHeFamkor8/s320/hithuwakari-herpes.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzXkBkhmFaJZa6Z3KYX8qmkXF-oonFFiTg3Va8bnD8sdaImPNS0zMT08nntT_rphIRjFKgULPXiYgyAj_BLSu_R4xyux8cEwSEMWx2LJlxxqbHdySNBYhMDI7gg_F9Ms5ORdkHeFamkor8/s72-c/hithuwakari-herpes.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/09/herpes.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/09/herpes.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy