පුෂ්පාගේ ඇස්වල කදුලු දිලිසෙන අයුරැ තිලකරත්න හොදහැටි දුටුවේ ඉදිරියෙන් පැමිණි මෝටරථයෙන් නිකුත් වු විදුලි එලියෙන්ය.
******** උපන් දිනේ ********
ඔක්කොම රෙඩි ද .... ලස්සනට තියෙන්න ඕන ඕකේ....
හරි ..... මං ඩෙකරේෂන් ඔක්කොම රෙඩි කලා.... ඒවා ඕකේ....
මහා ඉහලින් තම උපන්දින සාදය පැවැත්වීම සදහා දින කිහිපයක සිට සැලසුම් කරමින් තිබින.
ධනු....
වයි ඩාර්ලින්.....
මේ අම්මා කතා කරනවා.....
ධනුජයගේ මුහුණ වෙනස්විය.කේතකී දුරකථනය විසන්ධි කරන්නදැයි අභිරෑපනයෙන් ඇසුවිට ධනුජය දුරකථනය ඉල්ලා ගත්තාය.
ඇයි අම්මේ .....හදිසියේ ....
අනේ හදිසියක් නැ ලොකු පුතේ.... මයෙ පුතාට සුභ උපන්දිනයක්.....
ආ.... අද මගෙ උපන්දිනේද.... ස්තුතියි ස්තුතියි ....
ඇයි දරැවෝ අද කවදද කියලවත් දන්නෙ නැතුවද රාජකාරි කරන්නෙ ...අනික කාට අමතක උනත් මට පුතාගෙ උපන්දිනේ අමතක වෙනවද...
මං මේ උදේම පන්සලට ගිහින් බෝධි පුජාවක් තියලා ආවේ.....
අනේ අම්මේ මොන උපන්දිනද .... වැඩ ...වැඩ ඉවරයක් නෑ....
පරක්කුයි අම්මේ මං තියෙනවා ....
හොදයි පුතේ ... මයෙ පුතාට රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි....
දුරකථන විසන්දි කළ ධනුජය කේතකී දෙස බලා යම්තම් බේරැනායැයි පැවසුවේය.
විසන්දි වු දුරකථනය දෙස බැලු මව සුසුමක් හෙලුවේ තම වැඩිමහල් දරැවා තමාගෙන් මෙතරම් ඈත්වී සිිටිම ගැන නොව ඔවුන්ගේ ජිවිත කෙතරම් කාර්‍යබහුල ද යැයි සිතුනු නිසාය.
පුතාගේ උපන්දිනේවත් එයාට මතක නෑ ....
එයාට මතක නැතුවට මොකද ඔයාට මතකයිනේ....
ධනුජයගේ පියා සරදම් හඩකින් පැවසුවේය .
මං කොහොම අමතක කරන්නද අපේ මහත්තයෝ .... ජිවිතේ විදින්න තියෙන උපරිම සතුට වින්දෙ මයෙ ලොකු එකා ඉපදුන දවසනේ....
අම්මා කෙනෙකුට වෙන මොන සතුටක් ද....
ඇසට ඉනු කදුල අත්ලෙන් පිස දමමින් පුෂ්පා කිවාය.
තම බිරිද ගැන අනුකම්පාවක් තිලකරත්න මහතාගේ හදවතට දැනෙන්ට විය.
පුතා බලන්න යමු එහෙනම් ලැස්ති වෙමුකෝ.....
පුෂ්පාගේ හිතට යම් සහනයක් දැනෙන්ට වුයේය.
අද චුටි පුතා කතා කලෙත් නෑ .... හවස ගනිද දන්නෑ ....
ඔය එක දවසක් කතා කරන්න බැරි වුනහම මොකද....
අනේ එහෙම බෑ... ඒ දරැවට කියලා යන්න වෙයි.... නැත්තම් බය වෙයි.... මොකද ළග පාතකයෑ.....
එහෙනම් ඉතින් කතා කරලා කියන්න අපි යනවයි කියලා.....
පුෂ්පා විදෙස්ගතව සිටින තම බාල පුතනුවන් අමතන්නට දුරකථන වෙත ගියාය .
කෝ මේ දරැවා නෑනේ ....
පුුෂ්පා දුරකථනය මේසය මත තබමින් කීවාය.
ඔරලෝසුව දෙස බැලු තිලකරත්න .මදක් කල්පනා කලේය .
තාම නිදි ඇති .....
ලොකු පුතාලගෙ ගෙදරින් ගන්න බැරියැ කෝල් එකක්....
පැය දෙකක වෙහෙස කාරි ගමනින් පසුව තිලකරත්න හා පුෂ්පා තම වැඩිමහල් පුතුගේ සුවිශාල දෙමහල් නිවසේ ගේට්ටුව අසලයට පැමිණියහ.
කාව හම්බවෙන්නද.....
මහත්තයව.....
අපෝ අද නම් බැරිවෙයි....අද මහත්තයගෙ උපන්දින පාටි එකනේ....
පුෂ්පා තිලකරත්න දෙස බලද්දී ඔහු ඇය දෙස බලා සිටියේ වික්ෂිප්ත වු දෙනෙත් වලින්ය.
එහෙමද.....
අපි එහෙනම් වෙන දවසක එන්නම්.....
ඒක හොදයි....
තිලකරත්න හා පුෂ්පා තමන් කවුදැයි මුරකරු හා නොකියන්නට වග බලා ගත්තේ තම දරැවාට ඉන් අගෞරවයක් වේයැයි සිතා වන්නට ඇත.ඔවුන් ගොලුවන් ලෙස නැවත ආපසු යන්නට හැරැනේය.
පුෂ්පාගේ ඇස්වල කදුලු දිලිසෙන අයුරැ තිලකරත්න හොදහැටි දුටුවේ ඉදිරියෙන් පැමිණි මෝටරථයෙන් නිකුත් වු විදුලි එලියෙන්ය.
මෝටරථය නැවැත්විනි.
ඉන් බැස කවරෙකු හෝ තමා ඉදිරියට පැමිණෙන බව දුටුවද ඔහු කවරෙක්දැයි හදුනාගන්නට අපොහොසත් වුයේ මෝටරථයෙන් නිකුත්වු විදුලි ආලෝකය තදින් ඇස් වලට වැටි තිබුනු නිසාය.
නැන්දේ .... ඇයි මේ....
කටහඩින් ඔහුකවුරැදැයි හදුනාගත් පුෂ්පා ඔහුදෙස හිස උසවා බැලුවාය .
අනේ මේ...තමේෂ් පුතානේ.....
මොකද ආපහු යන්නේ.....
අපිට හදිසියේම ආපහු යන්න වෙලා පුතා....
තිලකරත්න පැවසුවේ තම පුතුට ඔහුගේ යහලුවකු හෝ කිසිවක් පවසා ලැජ්ජාවක් වනවාට අකමැති නිසාය.
ඒ මොකද..... පාටි එක දැන්නෙ පටන් ගන්නේ.....
තිලකරත්න පුෂ්පා දෙස බලා සිටියේ
කුමක් කරන්නදැයි නොදැනය.
එවලෙහිම තමේෂ් ගේ දුරකථනය නාද විය.
කෝ බං මොකද පරක්කු .....වරෙන්කෝ මුං මේ බලන් ඉන්වා උඹ එනකං සෙට් වෙන්න....
මං මේ ගේ ළග බං.... උබලගෙ අම්මලා දැකලා නැවතුනේ....හිටපං එන්නම්......
අම්මාලා යනවා කිව්වෙ හදිසියක් කියලා....
ධනුජයගේ මුහුණ වෙනස් විය.හිත කඩාවැටෙන්නට තරම් මහා වේදනාවක් දැනෙන්ට විය.තමා මහ පහත් මිනිසෙකු යැයි ධනුජයගේ හිත කෑ ගැසුවේය.
වහා ගේට්ටුවෙන් එලියට පැමිණි ධනුජයගේ හිත තවත් රිදෙන්නට වුයේ තම මිතුරා තම මවගේ පා අල්ලා නමස්කාර කරනු දැකීමෙන්ය.
අම්මේ .......
ධනුජයගේ හැඩුම්බර හඩ ඇසී පුෂ්පා හැරි බැලුවාය .ඇගේ නෙත් වල මෙතෙක් සැගවී තිබු කදුලු කැට වැසි දියට වඩා වේගයෙන් ඇස් වලින් බිමට වැටෙන්නට විය.
මට සමාවෙන්න අම්මේ ......
ධනුජය තම මවගේ දෙපා ළග වැද වැටුනාය.
තිලකරත්න කිසිත් නොපවසා පුෂ්පාගේ ඇස් දෙස බලා සිටියේ තම බිරිද පිළිබද ඇති මහා සෙනෙහසින්ය.ඇය තමන්ගේ දරැවන් දෙදෙනා උස්මහත් කරන්නට කල කැපකිරීම් දැන සිටියේ ඔහුය.තමා දහඩිය මහන්සියෙන් උපයා දුන් මුදලින් ඇය හැකි උපරිම අයුරින් දරැ දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ඔවුන් දෙදෙනාගේ අනාගතය සාර්ථක කරන්නට ගත් වෙහෙස ඔහු හොදින් දැන සිටියේය .
යමු තාත්තේ ගෙට.....
ධනුජය පියාගේ දෙපාමුල වැද වැටුනේය.
දරැවන් උස්මහත් කරන්නට ගන්නා වෙහෙස දන්නේ දෙමාපියන්ම පමණි.උස්මහත් වු තම දරැවන් රිදවන හිත්වල වේදනාව දන්නේද ඒ රත්තරං දෙමාපියන්ම පමණි .
නිමි.
නදීරා සමරක්කොඩි .
COMMENTS