සුසුම නුඹ නමින් 2

සෙනෙහස දරා ගන්න බැරි තැන හැමදාම කලේ අඬන එක.ඒකත් කාටත් නොපෙනෙන්න හදවතින් අඬන්න වුනේ ඔයා මට හිමි නොවෙන නිසා. අයිතියක් නැති කිසිම දෙයක් මගේ ක...

සෙනෙහස දරා ගන්න බැරි තැන හැමදාම කලේ අඬන එක.ඒකත් කාටත් නොපෙනෙන්න හදවතින් අඬන්න වුනේ ඔයා මට හිමි නොවෙන නිසා. අයිතියක් නැති කිසිම දෙයක් මගේ කියලා බදාගන්න පුරැද්දක් මට තිබුණෙම නෑ . මගෙ කියල තිබුණ දේවලුත් කාට හරි ඕන කිව්වොත් දීලා පැත්තකට වෙලා අඬන අහිංසක බොලඳ හිතක් හිමි වුනාට මං සමහර වෙලාවට මටම දොස් පවර ගත්තා .

මේ මංජරී ...මට buzy time තියෙනවා ඒ වෙලාවට ඔයා විකාර කියවන්න එපා..මගෙ ඔලුව අවුල් වෙනවා....

ඔයා එහෙම ඇගට කඩා පැනපු වෙලාවට මට කර කියා ගන්න දෙයක් නැතිව යනවා. මං කව්ද ඔයාගෙ ජිවිතේ කියලා මං මටම කියා ගන්නෙ ඒ වෙලාවට තමයි.

අනේ sorry සුදු අම්මා ... ඒ වෙලාවෙ මං වැඩ ගොඩක හිර වෙලා හිටියේ ....

හ්ම්ම් ... ඒකට කමක් නෑ මහත්තයො.....

ඔය ඉතින් මූණ එල්ලගෙන නේද කියන්නෙ ....

අනේ නෑ ...ඉතින් ....

නැත්තෙ මොකද ...මට හිතාගන්න පුළුවන් දැන් මූණ තියෙන විදිහ ....

ආ...ඇයි මගෙ මූණ phone  එකෙන් scan වෙලා පේනවද....

නෑ ... මං මේ හඳ දිහා බලාගෙන ඉන්නෙ ... කෝ මේ හඳ වලාකුළු වලින් වැහිලා.... හරි අඳුරැයි....

ආ.... ඉතින් ... හඳට දුක හිතිලා වෙන්න ඇති....

හ්ම්ම් ... එහෙම වෙන්න ඇති නේද.... හඳ මාත් එක්ක යාලු වෙන්නේ නැතිද ඉතින් ....

යාලු වෙයි..... 

හිතේ තියෙන දුක් කන්දරාවම ගහගෙන යන්න මහ වෙලාවක් යන්නෙ නෑ .ඔය කටහඬ පවා මගෙ හිත නිවන තරම් දන්නෙ මං විතරමයි. 

ආදරෙයි වස්තුවේ.... තරහ නෑ නේද....කියන්නකො ...

නෑ මගෙ මහත්තයො ....මං කොහොමද ඔයා එක්ක තරහ වෙන්නේ ....

ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව නැති කරගෙන ආයේමත් අතරමං වෙන්න මං බය වුනා . හිතට දැනෙන අසරණකම් ඉවසන්න ඉබේම පුරැදු වුනේ වෙන කරන්න දෙයක් නොතිබුණ නිසා. 

මං වෙනුවෙන් මගෙම කියලා ලෝකයක් හදල දෙන්න ඔයාට බැරි බව මතක් කරන්න සමහර වෙලාවට ඔයා හරි ලස්සන කතා කිව්වා .

මට මේ ජීවිතෙන් මිදෙන්න බැරි වෙයි මංජරී .....ඔයාට බලාපොරොත්තු නොදෙන්න එක හේතුවක් ඒක........

ඊට එහා මුකුත් අහන්න මට ඔින වුනේ නෑ .මොකද මං දන්නවා ඔයාට මගෙ වෙන්න කිසිම හේතුවක් නැති බව.මගෙන් මිදෙන්න හේතු හොයන ඔයාට , මගෙම වෙන්න එකම එක කාරණාවක් වත් තිබුනා නම් මට ඒ හීනෙත් එක්ක සතුටින් ඉන්න තිබුනා.

අතඇරලා යන්න කියලා කියන්න හිතුවා ඒත් මට ඒතරම් ශක්තිමත්  හිතක් තිබුනා නම්. 

මට ඔයා එපා..........ඒත් මැරෙනකම් මේ හීන ලෝකෙම ඉන්න දෙන්න රත්තරන් .......

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: සුසුම නුඹ නමින් 2
සුසුම නුඹ නමින් 2
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXmsIEzINYeF1W_iKG5vuz-mhhm2lDcNcp2Onem19FSOAR_p451XL5nNg4fpk36ZCGegxX0d24NCRzs0ebrIzmXDn2rlt39xPBWkXeRaG8vVe4wzk-lLhGTha0noapoi0zMRVXFbAnfaU8/s320/hithuwakari-+susuma+nuba+namin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXmsIEzINYeF1W_iKG5vuz-mhhm2lDcNcp2Onem19FSOAR_p451XL5nNg4fpk36ZCGegxX0d24NCRzs0ebrIzmXDn2rlt39xPBWkXeRaG8vVe4wzk-lLhGTha0noapoi0zMRVXFbAnfaU8/s72-c/hithuwakari-+susuma+nuba+namin.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/08/2.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/08/2.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy