දික්කසාදය-divorce

ඉවසන්න පුළුවන් තරම් මම ඉවසුවා මහත්තයෝ ... කදුලු පිරි දෙනෙත් දෙස බලන්නට තරම් මගෙ හිතෙත් හයියක් නැතිව ගියා. ඒ තරම් එයා කරපු වැරදි මොනවද...

hithuwakari_devorce
ඉවසන්න පුළුවන් තරම් මම ඉවසුවා මහත්තයෝ ...

කදුලු පිරි දෙනෙත් දෙස බලන්නට තරම් මගෙ හිතෙත් හයියක් නැතිව ගියා.

ඒ තරම් එයා කරපු වැරදි මොනවද ඉතින් ...

අනේ මහත්තයෝ ...එකින් එක කියන්න ගියොතින් දවස් ගානක්වත් යාවී....

හරි හරි කියන්න ...ඇයි මේ දරැවොත් ඉන්දි මෙහෙම තීරණයක් ගන්න හිතුනේ...ඔයාට දරැවො ගැනවත් හිතන්න තිබුනා නේද....

කදුලු පිසිමින් ..මා දෙස ඇය එක එල්ලේම බැලුවෙ ඇයි කියලා මට හිතුනා ..

මහත්තයෝ මහත්තයා කසාද බැදලද....

හ්ම්ම් ....

මට සමාවෙන්න මෙහෙම අහනවට මහත්තයගෙන්...
මහත්තයෝ ....මහත්තයාගේ නැන්දම්මා ගැන මොන වගේ හැගීමක් ද හිතේ තියෙන්නේ ...

ඇය අසන්නේ කුමක් දැයි හරි හැටි නොතේරැනත් ...කුමක් නමුත් මා හට තේරැම් කරන්නට ඇයට අවැසි බව වැටහිනි.

අම්මා වගේම තමයි ....ඇයි එහෙම ඇහුවෙ ...

සමාවෙන්න මහත්තයෝ ... මගෙ අම්මාව එහෙම බලන්න බැරිවුණා එයාට...

හිතට දැනුනෙ කුතුහලයක් .

මගෙ අම්මාව එයාට පෙනුනෙ තවත් එක ගෑනියෙක් විදිහට ....මට එයා කරපු හැම වැරද්දකටම සමාව දෙන්න පුළුවන් වුනා...ඒත් මේ වැරැද්දට මං කොහොමද සමාව දෙන්නෙ ....

කාලකණ්ණි මිනිහෙක් .මගෙ හිත එහෙම කිව්වා ඒත් ඒක කටින් පිට වුනේ නෑ .කියන්න දෙයක් නැතිව මම ඇය දෙස බලන් හිටියෙ ඇයට හිතේ දුක නැතිවන තුරැ කියලා අඩන්න ඉඩ දීලා.

මට ජිවිතේ එපා කෙරෙව්වා ඒ මනුස්සයා ....

ඒත් දරැවො ගැන හිතන්න තිබුනා මේ වගේ තීරණයක් ගන්න කලින්....
ජිවිතේ නැති කරගන්න එක විසදුමක් නෙමෙයි ....

මට ඉවසන්න බැරි වුනා තමයි මහත්තයෝ ...ඒ මම ඉවසන එකේ උපරිම තැන හිටපු නිසා වෙන්න ඇති...

අපිට මේ මනුස්ස ජිවිතයක් ලබන්න කොයි තරම් පිං කරලා තියෙන්න ඕනද ...ඒක නැති කරගන්නවා කියන්නේ මහ පවක්...

මං දන්නවා මහත්තයෝ පව් පිං ගැන..ඒත් මට ඉවසන් ඉන්න බැරි වුනා...තුවාලෙ තියෙන කෙනා තමයි ඒකේ වේදනාව දන්නෙ මහත්තයෝ ...

ඇය පවසන්නේ සැබෑවක් බව හිතට දැනුනෙ රැවටීම් වල තරම මා ද හොද හැටි දන්නා බැවිනි.ජිවිතේ වැරදුනු විට ,කිසිවක් කර කියා ගත නොහැකි විට කවුරැන් වුවද මෙවැනි තීරණ වලට එලැබීම සාමාන්‍ය සිදුවීමක්ය.

ජිවත් වෙන්න ඕන මහත්තයෝ ..ඒත් මේ කරැමෙ මට දැන් ඇති වෙලා... හැමදාමත් දරැවො නිසා තමයි මම ඉවසුවෙ ....

ඔයාට ජීවිතේ වටින බව දැනෙනවා නේද... ඔයා ඇරෙන්න දරැවන්ට කවුද ඉන්නෙ ටිකක් හිතලා බලන්න ..ඒ මනුස්සයා එක්ක ඉන්න බැරි නම් දික්කසාද වෙන්න ... ප්‍රශ්න වලින් පැනලා යන එක නෙමෙයි හරි.... ප්‍රශ්න වලට මුහුණ දෙන එක....ජිවිතේ කියලා කියන්නේ ඕක තමයි.....

කාට වුනත් උපදෙස් දෙන්න පුළුවන් මහත්තයෝ ... මම කොහොමද දික්කසාද වෙලා දරැවන්ට කන්න අදින්න දෙන්නෙ ... හරිහමන් ආදායමක් නැතුව...

රස්සාවක් කරන්න බැරි කමක් නෑ නේ....
කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවා ද....

සාමාන්‍ය පෙළට විතරයි ....මට ඉගෙන ගන්න එකවත් ඒ මනුස්සයා හරියට කරන්න දුන්නෙනෑ මහත්තයෝ ...මමත් වැරදි....ඒත් ඉතින් මට වඩා වයසින් එයා වැඩිමල් නිසා එයාට ඒ කාලේ හිතන්න තිබුනා .....

මට පුළුවන් දෙයක් මමත් කරලා දෙන්නම්.... ජිවිතේ නැති කරගන්න එක අතඇරලා ජිවත් වෙන්න හිතන්න ...තමන් ගැන බැරි නම් දරැවො ගැනවත් හිතලා....තේරැනාද ....
කොහෙද ගෙවල් කිව්වේ ...

මම මහත්තයෝ කෑගල්ලේ ...හිරිවඩුන්නේ....

හරි දැන් යන්න සල්ලි තියෙනවා ද..
මේක තියාගන්න .... දරැවන්ට මොනවා හරි අරන් යන්න .... මේ තියෙන්නේ මගෙ කාඩ් එක ...උවමනාවක් වුනොත් කතා කරන්න ...මට පුළුවන් වෙයි රස්සාවක් වුනත් හොයලා දෙන්න ....

ඇයගේ ඇසට කදුලු නම් අමුත්තක් නොවන බව පැහැදිලිය .
කාඩ් පත දෙස බලා ...ඇය විමතියෙන් මෙන් නැවත හිස ඔසවා මා දෙස බැලුවාය.

මහත්තයා .......

ඔව් ඔයාට හිතෙනවා නම් ඒ මනුස්සයාට විරැද්ධව පැමිණිල්ලක් දාන්න ...එන්න මම ඉන්නවා පොලිස්සියේ ....

ඇය තවමත් විමතියෙන් පසුවන්නේ මා රාජකාරිය සිදුකරනු විනා  ඇය හා සුහද ලෙස කතා කල නිසා වන්නට ඇතැයි සිතුනි.

හොදයි මහත්තයෝ ...
පිං ඔබ තුමාට.....

අහිංසක ජිවිතේකට පිහිට වෙන්න පුළුවන් වීම හිතට සැනසීමක් .

උඹ පොලිස්සියට ගැලපෙන්නේ නෑ බං.....

මිතුරන් නිතර කියන වචන ටික හිතට ආවේ ඇගේ හිතෙත් එවැනිම හැගීමක් මා පිළිබදව ඇතිවන්නට ඇතැයි සිතුනු නිසාය.

මනුස්සකම හදුනා ගන්න බැරි මිනිසුන් නිසා දහ දුක් විදින  මැය වැනි අහිංසකයින් තව කොතෙකුත් ඇද්ද.ඇය අද ජිවිතයෙන් සමු ගත්තා නම් ඇයගේ අසරණ දරැවන්ට මුහුණ දෙන්නට සිදුවන දිවිය කෙතෙරම් අපහසුද. ප්‍රශ්න වලින් පලා යාම සුභදායී පිළිතුරක් නොවන බව මනසින් උසස් යන තේරැම ඇති අප වටහා නොගනීනම් ......... කෙලෙස වටහා දෙන්න ද....

නදීරා සමරක්කොඩි.

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: දික්කසාදය-divorce
දික්කසාදය-divorce
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjl6tAxXuc8eszkZ8a2uRR3oEBqf4hNwzEceCoXDorXyl-g_ECpkIUS7Vl9tojQRd1ZX9VsJxVXXWIVvFbBbCp3VxaN2IKekbJloDSXkoOd_PfjoHn1-p_DXlHisNSapHOFd8Bvb2fIa0md/s320/hithuwakari_Devorce.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjl6tAxXuc8eszkZ8a2uRR3oEBqf4hNwzEceCoXDorXyl-g_ECpkIUS7Vl9tojQRd1ZX9VsJxVXXWIVvFbBbCp3VxaN2IKekbJloDSXkoOd_PfjoHn1-p_DXlHisNSapHOFd8Bvb2fIa0md/s72-c/hithuwakari_Devorce.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/08/divorce.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/08/divorce.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy