අකලට පරවුනු මල

Ayye, mn oyata godak adarei raththaran ,eth oyage jiwithe mn nisa winasa wenna denna be deiyo, oyata denna me weddi mn laga kisima deyak ithuru wela ne.



තේනු .... තේනු....තේනුවෝ.....

මොකද මේ කෑ ගහන්නේ ...

පද්මා එලෙස සිතමින් ඉදිරියට ආවාය.

 තේනු නිවසේ නොසිටි බැවින් මව නිවසේ දොරටුව විවර කලේ පැමිණියේ කවුරුන් ද යන්න වටහා ගැනීමෙන් පසුවය.

මාර සිද්ධිය බං....

කල්ප සිටියේ දොරටුවට පිටුපාය.

මොකද දරැවො ...

ආ...ආන්ටි... කෝ තේනුවා....

තාම ආවේ නෑ ....

අප්පට මු... phone එක answer කරන්නේත් නෑනේ....

මොකද පුතේ ...මුකුත් ප්‍රශ්නයක් ද...

පද්මා ,කල්පගෙ වෙනසක් දුටු බැවින් මදක් කලබල විය.

නෑ ...නෑ ..ආන්ටි ... පොඩි සීන් එකක් ...
ආන්ටි මට වතුර එකක් ....

ම්ම් ...ඉන්න මං ගෙන්නම්....

කල්ප නිවස ඉදිරියේ ඇති පුටුවට බර වුනේ කිසිවක් සිතා ගත නොහැකිව ය.

ආන්ටි ......අන්කල්.... ඉන්නවද....

වතුර වීදුරුව අතට ගනිමින් කල්ප ඇසුවේය.

නෑ නේ.....ඇයි දරැවො ....කියන්න මුකුත් ප්‍රශ්නයක් ද....

ආන්ටි....... මේ.... සඳසි....

ඉතින් ...සඳසි.... මොකද ...

ආන්ටි ....සඳසි...... වහ බීලා.....

පද්මාගේ මුලු ශරීරයම අප්‍රාණික විය.

ආන්ටි .... ඉදගන්නකෝ....

කල්ප වහා පද්මා අල්ලා ගත්තාය.

දෙයියනේ ....දරැවො  මොකක්ද ඒ කරගෙන තියෙන්නෙ .....

ආන්ටි ....සිද්ධිය මොකක්ද දන්නෙ නෑ ...හැබැයි ඉතින් අනිවා...අපේ එකාට කේස් එකක් සෙට් වෙනවා....

පද්මා වහා නිවස තුලට ගොස් දුරකථන ගෙන ආවාය.

ආන්ටි ....තේනුවා නම් answer කරන්නේ නෑ .....

දෙයියනේ .....

පද්මාගේ බිය තව තවත් වැඩිවිය.

අනේ පුතේ ...මේකෙ ඇති අන්කල්ගෙ number එක......

පද්මාගේ සිහිය විකල්ව ඇත.

කෝ .....

අන්කල් .....මං කල්ප ....

කල්ප සිදුවි ඇති සියල්ල වික්‍රම සමග පැවසීය .

ආන්ටි ...අන්කල් hospital එකට යනවා කිව්වා ...එහෙන්ම.... තේනුවා තමයි ප්‍රශ්නෙ ...මේකා කොහෙ ඇද්ද....

දුරකථන නාද වුයේ එවලෙහිය.

අඩෝ.....තේනුවා ..මචං ..උඹ කොහෙද ....

කල්ප තේනුක ගේ හඬින්ම ඔහු සියල්ල දන්නා බව වටහා ගත්තාය .

හරි හරි මං මේ එනවා.....

ආන්ටි ....මං යනවා hospital එකට..බය වෙන්න එපා තේනුවා hospital එනවා කිව්වා .

කල්ප දුරකථන විසන්ධි කරමින්  යතුරු පැදියට ගොඩ වුවාය.

දරැවො පරිස්සමෙන් .....

පද්මාගේ හිතට මහා බියක් දැනුනාය.

--------------------------------------------------------------

තේනුක සඳසි ගේ ප්‍රාණය නිරැද්ද ශරීරය බදාගෙන වැලපෙන අයුරැ බලා සිටිය නොහැකි ඔහුගේ මිතුරන් ඔහු ඉවතට ගැනීමට උත්සුක විය.

සියල්ල සිදුවී හමාරය . සඳසි ,තේනුක ආදර කතාව නිමාවට පත් වුයේ එසේය.
ඔවුන්ගේ ආදරේ කිසිදු අඩුපාඩුවක් නොතිබුණ ද එය එසේ සිදුවිය.

සඳසි ගේ මරණයට වගකිව යුත්තාද නීතියට හසුකර ගැ
නීමට සියලු සාක්ෂි ඇය විසින් සකස් කර තම ඉරණම තීරණය කර ගත්තා ය.

Ayye, mn oyata godak adarei raththaran ,eth oyage jiwithe mn nisa winasa wenna denna be deiyo, oyata denna me weddi mn laga kisima deyak ithuru wela ne. E nisa mn sadahatama oyagen ethata yanawa ,me hamadema une podi mama nisa, oya kawadawath mn nisa adanna epa. Mn yanawa ,oyata thurunuwan saranai raththaran ayye.

සඳසිගේ අවසාන දුරකථන පණිවිඩය එලෙස සටහන් විය.
ඇයගේ ජිවිතේ විනාශය කරා රැගෙන ගියෝ කවුරැන් ද.

තේනුක කල යුතු කිසිවක් වටහා නොහැකිව සඳසි දෙස බලා වැලපුණාය.
ඔවුන්ගේ අවංක ,පිවිතුරු සෙනෙහසට අකුල් හෙලන කිසිවකු ඇතැයි සිහිනෙකින් පවා නොසිතුවේය.

වැරදුණු තැන කොතැනද,

සඳසි ත් ඇගේ බාල සොහොයුරාත් ජිවත් වුයේ ආච්චි සහ පොඩි මාමා සිටින මහ ගෙදරය. ඇගේ මව විදෙස් ගතව සිටියාය.පියා වෙනත් කසාදයක් කරගෙන ඔවුන්ගේ ජිවිත වලින් ඈතට ගොස් සිටියාය. සඳසි දුටුවන් වසඟ කල හැකි පිරිපුන් සඳක් සේ වැඩිණි. ඇයගේ අඩුපාඩුවක් කියන්නට පවා නොමැත. පාසල් සමය නිමා කරන්නටත් මත්තෙන් ඇය හා තේනුක ආදරේ කරන්නට පටන්ගත්තේ ය. නමුත් එහි වරදක් නොවිය. ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු වලට ඉන් කිසිදු බාධාවක් නොවිනි.
හදබැදි සෙනෙහසින් දෙදෙනා කල් ගෙව්වාය. තේනුක සඳසි හා විවාහ වී දිවි ගෙවන අයුරැ සිහින දුටුවාය. ඇයට නිවසේ තරමක් කරදරකාරි බව වටහා ගත් තේනුක ඇගේ සියලු අඩුපාඩු කම් පිරිමැහුවාය. දෙදෙනාම උත්සුක වුයේ ඔවුන්ගේ ජිවිත සාර්ථක මාවතකට ගෙන යන්නටය.  වසර හයක ආදර කතාව ඉතාම සුන්දර මතක සටහන් තබමින් ගෙවිනි.

සඳසි කිසිදා නොසිතු ඉරණම අත් වුයේ මූසල රාත්‍රියක තම නිවසේදීමය.

ඇයගේ ජිවිතේ අපායක් කර දමන්නට තරම් මවගේ බාල සොහොයුරා තිරිසනකු වුයේය.

ජිවිතේ මායාවක් බව තේනුක තේරැම් ගත්තාය.  සඳසිගේ අවසන් කටයුතු තම නිවසේ සිදු කරන්නට අවරස ගත් තේනුක  ඇගේ තනියට රාත්‍රිය පුරා ළග සිටියාය. සඳසි ගේ දිගු වරලස ඉදිරියට දමා ඇය සිටින අයුරැ මැවී පෙනෙන්නට විය. තේනුක විටින් විට විලාප තැබුවාය.

ඇයි නංගි මට මෙහෙම කලේ.ඔයාට තිබුනා මට කියන්න ,මං ඔයාගෙ නේද..ඔය වගේ දෙකට මාව දාලා යන්න ඔයාට පුළුවන් වුනේ කොහොමද රත්තරන් .....

තේනුක සඳසිගේ හිස අත ගාමින් ඇසුවාය. සඳසි නිසොල්මනේ තම දෑස් පියා සිටියි.

වරද කාගේ වවද දඩුවම තේනුක විසින් ජිවිතේ ඇති තුරා ගෙවනු නිසැකය. තම ප්‍රාණ සම සෙනෙහෙවන්තිය ඔහු දමා යන අයුරැ බලා වැලපෙනු ඇරෙන්නට කල හැකි කිසිවක් නොවිනි.

ඇයි දෙයියනේ අපිට මෙහෙම වුනේ.......

සඳසි ...........

අවසානයක් පමණි .

නදීරා සමරක්කොඩි

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: අකලට පරවුනු මල
අකලට පරවුනු මල
Ayye, mn oyata godak adarei raththaran ,eth oyage jiwithe mn nisa winasa wenna denna be deiyo, oyata denna me weddi mn laga kisima deyak ithuru wela ne.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNCq65i-9IWuaTcQHIvmRcthapfWuEBt8sdTTmN7LurLw-Q2hoSdSiQkauYlBdMrnig2VHrj3SrmnRQkxrdRxQUS55BFzLBbjDpQHkWyqvdaWANObYSWhCoigrW4-zYy9AqwMirBNU6m0_/s320/hithuwakkari.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNCq65i-9IWuaTcQHIvmRcthapfWuEBt8sdTTmN7LurLw-Q2hoSdSiQkauYlBdMrnig2VHrj3SrmnRQkxrdRxQUS55BFzLBbjDpQHkWyqvdaWANObYSWhCoigrW4-zYy9AqwMirBNU6m0_/s72-c/hithuwakkari.png
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/07/blog-post_25.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/07/blog-post_25.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy