short stories,love,affection
හිත අස්සෙ හිර වෙලා තිබුන වේදනාව ඇස් වලින් කඳුළු වෙලා වැටෙන්න ගත්තේ යහන්දි ඔහේ පාලු පාර දිහා බලාගෙන ඉන්දිමයි. අලුත් අවුරැද්ද කියලා යහන්දිගෙ හිතේ අමුතු සතුටක් තිබුණේම නෑ .
ඊයේ වගේමයි අදත් හිත පාළුවෙන් පිරිලා. වටේම රතිඤ්ඤා හඬ හරිම කලබලකාරී වට පිටාවක් වුනත් යහන්දි හිටියේ එයාට උරැම පාළු ජීවිතේම ගිලිලා . වෙනදට වඩා මහ තනිකමක් හිතට දැනුන නිසාම සිංදුවක් අහන්න හිතාගෙන රේඩියෝවත් දාලා පාර පේන්න පුටුවකුත් තියාගෙන වාඩි වුනේ පාරෙ වාහන යනවා දකිද්දි කම්මැලිකම නැති වෙයි කියලා හිතුන නිසා.
ඒත් ... හිත ගැස්සුනා වගේ දැනුනෙ ඈතින් පෙනුන සේයා රැව විමන්තගෙ කියලා හිතුන නිසා වෙන්න ඇති. ඒ එක්කම යහන්දිගෙ ඇස් තෙත් වුනේ ආයේ කවදාවත් විමන්තව දකින්න වාසනාවක් නෑ නේද කියලා මතක් වුන නිසා.
නොලැබීම් නම් යහන්දිට ජිවිතේ ඕනෑතරම් . හිමි වීම් වල තිබුණ වේදනාව නොලැබීම් නිතර නිතර මතක් කරන්නේ උඹ ඔය පෙර කරපු පව් තමයි කියන්නා වගේ කියලා යහන්දි නිතරම හිතුවා.
විමන්ත එක්ක ගෙවුනු කාලය පුරාවට යහන්දි සතුටින් වගේ බලපු බැල්මට පෙනුනට ඇතුලාන්තය එහෙම වුනේ නෑ .
හැමතැනම දුවන හිතක් තිබුණ විමන්ත පස්සේන් පන්නලම යහන්දි හෙම්බත් වුනා විතරයි .යහන්දිට ඕන වුනේ විමන්ත තමන්ගේම විතරක් කරගන්න ඒත් විමන්තට ඒක වදයක් වුනා . නිතර නිතර හොයාබලද්දි විමන්ත ටිකෙන්ටික යහන්දිට තව තවත් බොරැ කරන්න ගත්තා . ජීවිතේ අපායක් වුනේ මේ නොගැලපිම් නිසා වෙන්න ඇති. කාළයත් එක්ක යහන්දි විමන්තට ඕන විදිහට ජීවත් වෙන්න අැරලා පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න පුරැදු වුනා . විමන්ත මිටින් මුදා හැරදැමු කුරැළු රජෙක් වගේ හැමතැනම ඉගිලුනා. සීමාවක් විමන්තට තිබුනෙම නෑ .
දවසක් හදිසියේම විමන්ත එයාට අයිතියි කියලා තිබුණ සියලුම වස්තුව රැගෙන යහන්දිගෙ ලෝකෙන් ඈතටම යන්න තීරණය කලා.
විමන්ත ....අනේ මට මෙහෙම කරන්න එපා රත්තරන් ...ඔයත් නැති වුනොත් මට......කවුද ඉන්නෙ ....
මේ..මේ.... තමුසෙට ඕන එකෙක් හොයා ගන්නවා ..මට මගෙ පාඩුවේ ඉන්න දෙනවා... මේකත් ජීවිතයක් ද ....මල කරැමයක්නෙ.....
විමන්ත ..... ඇයි දෙයියනේ මං මොනවා කලාටද මෙහෙම කරන්නේ ....හිතක් පපුවක් නැද්ද ඔයාට .... වදින්නම් පන ...මාව දාලා යන්න එපා.... මට ඒක දරාගන්න බැරි වෙයි.....
මං මැරෙයි දෙයියනේ ....
ඉතින් ...මැරෙනවා.... තමුසෙට ඕන මගුලක් කර ගන්නවා ... මට බෑ තවත් මේ කරැමෙ ගෙවන්න ....
යහන්දි හිටියේ විමන්තගෙ කකුල් දෙක ළග . ඇයට තිබුණ එකම හව්හරණද නැතිව යාමේ දුක දරා ගත නොහැකිව ඇය විමන්ත ළග දනින් වැටුනා ය.
යහන්දිට එදා වූ සිදුවීමේ මතක එපමණකි.
එදා පටන් අද මේ වන තුරැ විමන්ත නැතිව ජීවිතය ගෙවන යහන්දි පාළුවට තනිකමට ආදරේ කලාය.
ඇයගෙ නව වසර එලෙස නිමා වී ගියාය.
ඔබේ නව වසර එසේ නොවේවා....!
ස්තුතියි .
නදීරා සමරක්කොඩි .
COMMENTS