ඇහි පියක රදවාන රැකගන්න හිතුවාට බිඳ දමා යන හීන නෙතු වලින් මිදුනාද
අදුරැ සිත් අහස මත ලියමි තව කවි ගීතහිරැ දිලෙන දහවලක වුවත් මේ කඳුළු සිත
නෙතට හුරැ හැඬුම මිස අන් කවර දෙයක් වෙද
සමු ගැන්ම උරැම ලොව තවත් එක දිනකි මට
අහඹු හමුවීම් මිස ලොවක වෙන කුමක් ඇත
සංසාර චාරිකා අවසනක නිමක් නැත
ඉපිද මිය යෑම හැර ලොවක වෙන කුමක් ඇත
වෙර දමා රැකගන්න සබඳකම් කුමන පල
ඇහි පියක රදවාන රැකගන්න හිතුවාට
බිඳ දමා යන හීන නෙතු වලින් මිදුනාද
බොඳ වෙලා වගෙ මතක හිත බෝම රිදුනාම
වෙන් වෙලා යමු අපිම අහිමි නම් අපි අපිට
නදීරා සමරක්කොඩි .
COMMENTS