නපුරි

බලමුද අපි හතර දෙනාගෙන් කාටද පුලුවන් ඌ දා ගන්න කියලා.... අනේ පිස්සුද බං ඌ හිතයි අපිට ලුස් කියලා..... හරි උබට බැරිද....

--------------නපුරි---------------

නදියො උඹ දැක්කද බං අර ඇට මැස්සෙක් වගේ එකාව....

කවුද බං ඒ ඇට මැස්සා වගේ මාත් දැක්කා උගෙ ඇස් හරි අමුතුයි නේද ශකි...

චතුරිගේ හා ශකිල ගේ කථා බහ නොතේරැනු නිසා මා ඔවුන් කා පිලිබද කතා බහ කරන්නේදැයි දැන ගැනීමට මා උත්සුක උනෙමි.

ඒයි කා ගැනද උබලා ඔය දොඩන්නෙ....

අරැ බං....

කොයි එකාද....

අර ඉන්නෙ දන්ඩා බං....

හ්ම් අර ඇස් අමුතු එකාද....

අපි ඔට්ටුවක් අල්ලමුද .....

ඒ පුභා ය.

මොන.....

බලමුද අපි හතර දෙනාගෙන් කාටද පුලුවන් ඌ දා ගන්න කියලා....

අනේ පිස්සුද බං ඌ හිතයි අපිට ලුස් කියලා.....

හරි උබට බැරිද....

නෑ නෑ මං එනවා...

ඔහු දෙස බලා ගෙනම මා පැවසුවේ කවදාවත් පරදින්නට අකමැති නිසාමය.

අද ඉදලා මාසයයි හරිනේ...

Ok.....we are ready
...

උසස්පෙළ වාණිජ අංශයට පැමිණි නවක සිසුන් අප විසින් සාදරයෙන් පිළිගැණුනි.ඒ අතර සිටි ඔහු ගැන අප ඉතාමත් උනන්දු වුයෙමු.
කෙසේ හෝ ඔට්ටුව දිනිය යුතුය මිතුරියන් අතර පරාජිත වීමට බැරිය.

ඉදල අරන් එනවලා cadet room ඉස්සරහ අද අපට සුද්ද කරන්න තියෙන්නෙ....

මාගේ නපුරැ කම් වල ඉවක් බවක් නොවිය.

අනේ පව් බං මගෙ සුකිරි කොල්ලා....

ආ උබේද....

ඒයි මේ හලෝ හරියට අතු ගානවා....

අපෝ පව් බං....

අනේ නිකා හිටපන් ඌ මහ ඇම්ඩෙක් පේන්නැද්ද....

ඔහුට වද දීම මා හට ටික දිනකින් ම එපා විය.ඒ කුමක් නිසාදැයි මා නොදනිමි.මා ඔහු දෙස බලන සැම විටම ඔහු ඉතා ඕනෑකමින් මා දෙස බලනු මා දැක ඇත්තෙමි.මගේ දස වද ඉවසිය නොහැකි වු නිසා එසේ බලනවා විය යුතුය . ඒ බැල්ම මා හට දරා ගත නොහැකි විය.

නදීයො ඒක නෙමෙයි බං අර බලපන්කො අරෑ බලන හැටි....

එ්ක තමයි බං මට බනිද මන්දා...

ඉසකෝලේ ඇතුලෙ චන්ඩි කම් කලද පාරට බැස්ස විට අප ඉතා අහිංසක චරිතය.

මේ මට ඔයා එක්ක කථා කරන්න ඕන....

අසරණව මා ශකි දෙස බැලීමි .මේ මොනවා වෙන්නට යනවාද.

ඇයි ඇයි එයා එක්ක මොන කථාද....

ඔයා ඉන්නවද....මං එයාට ඒක කියන්නම්....

බුදු අම්මේ මා බේරා ගනු මැනවි.ගතම වෙව්ලයි.චන්ඩි කම් අහවරය.

බය වෙන්න දෙයක් නෑ මං ඔයාව මරන් කන්නෙ නෑ....

ඔහු මා තුල වු බිය යන්තම් නැති කලද තවමත් සැකය එලෙසමය.

නදීයො මං යන්නම් බං එහෙනම් උඹ මෙයාගෙ කතන්දරේ හෙට කියපන්කො....

ශකිලා අප තනිකර යන්නට ගියාය.

එකම පන්ති කමරයක අධ්‍යාපනය ලැබු අප තරහ කාරයින් වශයෙන් සිටියෝය.එයට හේතුව මා ඔහුට මෙතෙක් කල නපුරුකම්ය.ටික දුරක් නිහඩව ගමන් ගත් ඔහු හඩ අවදි කලේය.

අපි මේ පාරෙන් යමුද....

ඒක දුරයි නේ....

දුර හින්ද තමයි යමු කිව්වෙ ....

මා කිසිත් නොකියා ඔහු අනුගමනය කරන්නට වුයේ මන්ද.

කෝ චන්ඩියාගෙ කට.....

අනේ ඒ ඉස්කොලේ දි නේ....

ආ එහෙමද දැන් කවුද එතකොට....

අහිංසකී.....

පුහ් ....මරැ අහිංසකී.....

දන්නවද මං කියන්න යන දේ....

නෑ.....

මං ඔයාට ආදරෙයි.....

අැස් අදහා ගත නොහැක .නපුරැ කම් කල මා හට ආදරය කරන්නට මොහු
ට හැකි වුයේ කෙසේද.බොරැවක් විය යුතුය .

නෑ බොරැවක් උනේ නෑ.ඒක ඇත්ත ආදරයක්. අද ඔවුන් වෙන වෙනම ජීවිත ගත කලද ආදරණිය මතකයන් තවමත් හිත් තුල ඉතිරිව ඇතිවාට සැකයක් නොමැත.ඔහුට වඩා ඇයත් ,ඇයට වඩා ඔහුත් එකිනෙකාට අසීමිතව පෙම් කළෝය.( ඔහුගේ නම පැවසීමටය අවසර නැත.)

                                 නමි.

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: නපුරි
නපුරි
බලමුද අපි හතර දෙනාගෙන් කාටද පුලුවන් ඌ දා ගන්න කියලා.... අනේ පිස්සුද බං ඌ හිතයි අපිට ලුස් කියලා..... හරි උබට බැරිද....
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEha0RCWyXVIi8OEceJJMGiBJhq9WFXPZrPXOKipXzoj2efLjsrxfBxR8M5FEDTUmwEFR10qOT_r7fjBgSa4waU_ayJGj5guVnYekr9QS3TlKPCx08QGHqdSERp7i7N5eAGNPAndTq2TnK/s400/ketikatha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEha0RCWyXVIi8OEceJJMGiBJhq9WFXPZrPXOKipXzoj2efLjsrxfBxR8M5FEDTUmwEFR10qOT_r7fjBgSa4waU_ayJGj5guVnYekr9QS3TlKPCx08QGHqdSERp7i7N5eAGNPAndTq2TnK/s72-c/ketikatha.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/07/short-stories.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/07/short-stories.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy