⁣⁣මුලු ලෝකයම කැරකෙනවා වගේ දැනෙන්න ගත්තේ සහිරැගෙ දුරකථනයෙන් ගැහැනු කටහඬක් ඇහුනු වෙලාවෙමයි. හෙලෝ.... හෙලෝ.... කවුද මේ.... කාටද කතා ක...

⁣⁣මුලු ලෝකයම කැරකෙනවා වගේ දැනෙන්න ගත්තේ සහිරැගෙ දුරකථනයෙන් ගැහැනු කටහඬක් ඇහුනු වෙලාවෙමයි.

හෙලෝ....

හෙලෝ....

කවුද මේ....

කාටද කතා කරන්න ඕන...

සහිරැ ඉන්නවද.....

 හස්බන්ඩ් wash room එකේ... කවුද මේ... පණිවිඩයක් නම් කියන්න .....

ආ.... නෑ ... මං පස්සේ කතා කරන්නම්.... sorry for the disturb ...

It's ok...

Thanks bye ...

වෙනුදිගෙ හදවත ගැහෙමින් තිබුනා.

දෙයියනේ මේ මොකක්ද වුනේ ..කවුද ඒ... සහිරැ මාව රැවැට්ටුවද දෙයියනේ ....
නෑ ..නෑ ... කාගෙ හරි විහිලුවක් ....

යලිත් දුරකථනය අතට ගත්තේ සහිරැට ගන්න .

නෑ ...ආයෙත් ඒ ගෑනු කෙනා කතා කලොත්...

සහිරැ ගනීවි ....

වෙනුදි සයනය මත හිද ගත්තාය.

කිසි විටෙකත් සහිරැ පිළිබදව සැකයක් වෙනුදි තුල නොවිනි.සැක කරන්න තරම් හේතුවක් ඔහු කෙදිනකවත් පෙන්වා නොතිබිනි .

දෙයියනේ කවුද ඒ......

වෙනුදි ඉවසුවාය. යලිත් ඔහු අමතන්නට සිත කීවද ඇය ඒ හැගිම යටපත් කර ගත්තාය.

දුරකථනය නාද විය.

Hello...

සහිරැ..... කවුද ඒ.....

වෙනු.....දැන් මං එනවා ...ඇවිත් කතා කරමු....

සහි....රැ.

දුරකථනය විසන්ධි විය.

හිත තුල කැකැරැනු ප්‍රශ්න තව තවත් තීව්‍රර විය. වෙනුදිගෙ නෙතු තෙමෙන්නට වැඩි වෙලාවක් නොගියාය.

ජීවිතය ජීවත් කරවන්න තිබුන එකම හේතුවත් අහිමි වෙන්නට යන වග හිතට දැනෙන්න ගත්තාය.

වැසි අඳුරට මුලු පරිසරයම පාලු ස්භාවයක් විය .වෙනුදිගෙ හිතත් එවැනිම විය. ඇය ඈතින් පෙනෙන කඳුයාය දිහා බලාන කඳුළු සැලුවාය.

සහිරැගෙ උර මත හිස  තියාන විදි සැනසීම අහිමිව යාද .

අතීතයේ වූ සිදුවීම් නෙත් මානයේ රග දෙමින් ඈ තවතවත් හැඬවුවාය.

වෙනූ......... වෙනු....

ඒ සහිරැ......

සහිරැ.....

වෙනුදි හැඩුම්බරව සහිරැගෙ කරවට දෑත් දමා බදා ගත්තාය.

ඇයි රත්තරන් .....මේ අහන්න ....

සහිරැ අනේ කියන්න කවුද ඒ....... කවුද කතා කලේ ඔයාගෙ phone එකෙන්...

වෙනු.......රත්තරන් ......

සහිරැ ඒක විහිලුවක් නේද පන.....

මගෙ මැණික .....අහන්කො .......

මොනාද දෙයියනේ අහන්න කියන්නෙ ........සහිරැ ....ඒක ඇත්තක්ද.....එයා ඔයාගෙ whife ද.......

අනේ මයෙ රත්තරනේ මට සමාවෙන්න .....අපි මේ ප්‍රශ්නෙ විසදගෙන ඉක්මනින් බඳිමු....

සහිරැ..........

වෙනුදි මොර දුන්නාය.

මොනවද සහිරැ මේ කියවන්නේ .....ඇයි දෙයියනේ මට මෙහෙම කලේ.....⁣
මොකක්ද මං කරපු වැරැද්ද දෙයියනේ ......

වෙනු.... රත්තරන් මං ඔයාට ආදරෙයි රත්තරන් ...මට ඔයාව නැති වෙයි කියන බයට හැමදේම හැංගුවෙ අනේ මට සමාවෙන්න ....වෙනු.....
මං එයාගෙන් divorce වෙනවා ...මං දැනටමත් හැමදේම ලෑස්ති කරලා තියෙන්නෙ ...වෙනු ....අහන්නකො.....

වෙනුදි පිස්සියෙක මෙනි....මේසා රැවටීමක් තමන් පන මෙන් ආදරෙ කල ඔහු කෙලෙස කලාදැයි ඇයට සිතාගත නොහැක.

සියලු පැතුම් බිද වැටී අවසන්යැයි වෙනුදි සිතුවාය.

මෙතෙක් ආ ගමන් මග වෙනස් කල යුතුය.

සහිරැ .... මට කිසි දෙයක් අහන්න ඕන නෑ ..... කරැණාකරලා මට පාඩුවේ ඉන්න දීලා යනවා......

වෙනු..... මොනවද කියන්නෙ ...මං යන්නෙ නෑ මැණික..... මට ඔයා ඕන...හැමදාටම....අපි බඳිමු......

සහිරැ ....පිස්සු ද මනුස්සයො ....තවත් අසරණ ගෑනියෙක්ට දුකක් දීලා මං තමුන්ව බදී කියලා හිතුවෙ කොහොමද ......

වෙනු මං ඒක තමයි මේ හැමදේම හැංගුවෙ රත්තරන් ....මං ආදරෙ කරන්නේ ඔයාට .....මට ඒ ජීවිතේ එපා.... මට ඕන ඔයා එක්ක ජීවත් වෙන්න විතරයි වෙනු.....

ගැහැණියක් අසරණ කර ඇගෙ මුලු ජීවිතේම විනාශ කර තමන්ට ලබාගත හැකි ජීවිතේ කුමක්දැයි වෙනුදි සිතුවාය .

ඇය මදක් නිහඬව දෑස් පියා සිටියාය. ඇස් දෙක රිදුම් දුන්නාය.

තව දුරටත් කිසිවක් ඉතිරි නැති බව වෙනුදි තීරණය කලාය.

සහිරැ ....... මට ටිකක් නිදහසේ ඉන්න ඕන....ඔයා මේ ප්‍රශ්න විසදෙනකම් මාව බලන්න එන්න එපා plz...

වෙනුදි ඉතාම සන්සුන්ව කියාගෙන යනවිට සහිරැගෙ හිතට සැහැල්ලුවක් දැනෙන්නට විය.

වෙනු රත්තරන් ....ඔයා මාව තේරැම් ගත්තා .....හැමදාම වගේ ඔයා මට ආදරෙයි නේද මැණික.....

වෙනුදි කිසිවක් නොකියා සහිරැගෙ ඇස් දෙක දිහා බලා සිටියාය. ජීවිතේ ජීවත් කරවන්නට තිබුණ එකම බලාපොරොත්තුව ඔයා කියලා වෙනද වගේ සැහැල්ලුවෙන් කියන්න වෙනුදිට බැරි වුනා.

මට හරිම නිදි මතයි සහිරැ ....
ඔයා දැන් යන්න .......ඔලුවත් රිදෙනවා.....මට නිදාගන්න ඕන.......

අනේ මැණික.......ඔයා තරහින් නෙවෙයි නේද.....

නෑ ....කවදාවත් නෑ .......මට මා එක්කම තරහ වෙන්න පුළුවන් ඒත් ඔයා එක්ක කොහොමද තරහ වෙන්නේ .....මගෙ පන ඔයා නෙ.......
මේ හුස්ම ටික රැදුනේ ඔයා නිසා සහිරැ...

සහිරැගෙ පපුවට වෙනුදි හිස තබා ගෙන මදක් නිහඬව සිටියාය.

දැන් රෑ වෙලා සහිරැ ඔයා යන්න එහෙනම්.....

මගෙ මැණික ආයේ අඩන්න එපා .....මං හෙට උදේම එනවා ඔයාව ගන්න ......හරිද.......

හ්ම්ම් ......  පරිස්සමෙන් යන්න එහෙනම්......බුදු සරණයි .....

සහිරැ වෙනුදි⁣ගේ හිස සිඹ පිටවුණේ ඇය දකින අවසන් මොහොත මෙය යැයි සිහිනෙකින් වත් නොසිතාය.

සහිරැ යන දෙස බලා සිටි වෙනුදි කදුලු පිස දමා නිවසේ දොරගුළු ලෑවාය.

සතුටින් ගෙවුන වසරක කාලය නැවත නැවතත් ආවර්ජනය කරමින් වෙනුදි නෙතු පියා ගත්තාය.

------------------------------=--------==-

වෙනු..............
ඇයි රත්තරනේ ....මෙහෙම දෙයක් කර ගත්තේ ..........
අනේ ආපහු එන්න මයෙ මැණික .........

දෙයියනේ මං කරපු පවක්......වෙනු........මාව දාලා යන්න එපා දෙයියනේ ......

නදීරා සමරක්කොඩි .

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikXP6KH_7Le9cbmE_CO0hyqxQBF8y2P8yPDwjCRPfxqMjZLaxTy72-h1dJrAQGWpw85Qh1rHwaWXtaOw1ZOqOABEaI9vfpCYUVfOTcebvuE0DQwVBNlmhVfXDW11T_iRT3EVirSfMMvKDy/s320/couple_kissing_with_ice_cream-450076585.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikXP6KH_7Le9cbmE_CO0hyqxQBF8y2P8yPDwjCRPfxqMjZLaxTy72-h1dJrAQGWpw85Qh1rHwaWXtaOw1ZOqOABEaI9vfpCYUVfOTcebvuE0DQwVBNlmhVfXDW11T_iRT3EVirSfMMvKDy/s72-c/couple_kissing_with_ice_cream-450076585.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/07/shortstories.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/07/shortstories.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy