සඳලතා තම දියණියන්ගෙ අනාගතය කාලකණ්ණි නොකරන ලෙස ඇඩූ කඳුලින් ඉල්ලා සිටින්නේ තිලකරත්න සිහි බුද්ධියෙන් සිටින උදෑසනක පමණි .
හැමදාමත් වගේ අදත් සඳලතාගෙ හිත කිව්වෙම තිලකරත්න කට ගොන්නක් බීගෙන ගෙට ගොඩ වෙයි කියලමයි.
පාර දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්ත සඳලතා
කඳුළකට ඉඩ නොදී ඇස් දෙක තද කරගත්තෙ ඈතින් ලොක්කි එනවා යන්තමට දැක්ක නිසා.
කඩුල්ල පනින තම ලොකු දුව දිහා බලාගෙන සඳලතා යන්තමට හිනා වුනේ ඇගෙ වෙදනාව තම දියණියට නොහඟවන්නට වගේ.
මොකද අම්මා .... මහන්සි ද ...
අනේ අදනම් මටත් මාර මහන්සි අම්මා ....
හ්ම්ම් ... මං මේ ලොක්කි එනකම් පාර බලං උන්නෙ....
යමුකො මං තේ ඩිංගක් හදලා දෙන්නම්....
ඇයි අම්මා නංගි කෝ...
ඔය හිටියේ කළු ව තුරැල් කරන්....මෙලහකට ඔන්චිල්ලාවෙ තියන් නලවනවා ඇති ....
එයාට නම් පිස්සු ...මං එදත් කිව්වා ඔය පුසා හින්දා ලෙඩක් හදන් තමයි නවතින්නේ .....
අනික එයා දැන් තොත්ත බබෙක්යෑ....විකාර.....
ලොක්කි තම නැගණිය කෙරේ ඇති සෙනෙහසින් මිස තරහකින් කිසිවක් නොකියන බව සඳලතා දැන වුන්නාය.
ඔන්න ඔහෙ ඕන එකක් කර ගත්තා වේ කියලා ඇති වෙලා මටත්.....
අම්මා ..... තාත්තා .....
ආ.... ඇයි අදත් මග වැටිලා උන්නද ....
නෑ ....නෑ ... අද දැක්කෙ නෑ පාරෙ මං හිතුවෙ කලින් ගෙදර ඇවිත් කියලා ......
සඳලතා සුසුමක් හෙලුවෙ ලොක්කි එන වෙලාවට තිලකරත්න පාරෙ නොසිටි බව දැන ගත් නිසාවෙනි.
තම ජීවිතය නම් ගෙවී අවසන් බව නිතරම කියන සඳලතා තම දියණියන්ගෙ අනාගතය කාලකණ්ණි නොකරන ලෙස ඇඩූ කඳුලින් ඉල්ලා සිටින්නේ තිලකරත්න සිහි බුද්ධියෙන් සිටින උදෑසනක පමණි .
ඇය ඇගේ අවාසනාවන්ත ජීවිත කතාව නිරන්තරයෙන් ආවර්ජනය කරයි. කුඩා කල සිට දුක් කන්දරාවක් උහුලන්න වීම තම කර්මය යැයි ඇගේ මතයයි. ආදරය, ආරක්ෂාව , බලාපොරොත්තුවෙන් අත ගත් තම සැමියා නිසාම අද සඳලතා මහා දුක් කන්දක් දරාගෙන ජීවිතේ විදවමින් පන ගසයි.
දියණියන් දෙදෙනා නිසාම ඇය ජීවත් වෙයි.
ලොක්කියෙ .....මේන් තේ එක බීලා උන්න නම්.....
හ්ම්ම් ...නංගි බිව්වද අම්මා ....
ඔව් අපි තේ බිලා හිටියේ .....
අම්මා .... මට තව පන්තියක් දෙකක් වත් කරගන්න තිබුනන ම් හොදයි ....තව කීයක් හරි හොයාගන්න තිබුනා........
අනේ ලොක්කියෙ අපිට උඹෙන්ම කන්න වුනා නෙව මේ මනුසයගෙ ජරා බීම නිසා ....
තාත්තාට කියලා වැඩක් නැ අම්මා .....
අපි පුළුවන් විදිහට ජිවත් වෙමු...
ඒත් ලොක්කියෙ උඹටත් යන කල දසාවක් තියෙන්න එපැයි ... අර කෙල්ලගෙ වියදමත් එන්න එන්නම වැඩි වෙනවා....
අම්මා මේ ඕවා එහෙම නංගි එක්ක කියවනවා නෙවෙයි ... එයාට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕන ....
හ්ම්ම් ....
සඳලතාගෙ හිත මහා දුකකින් පිරි ගියාය. ඇය තම වැඩිමහල් දියණිය දෙස බලා සුසුමක් පිට කලාය.
අම්මා .... අපිට හැමදාම මෙහෙම දුක් විදින්න වෙන්නේ නෑ අම්මා .....ඉන්නකො මං තව ළමයි ටිකක් හොයා ගන්න පන්ති කරන්න ....
ලොක්කියෙ ... මෙහෙ පන්ති කරන්න බැරිද....
අනේ අම්මා අපිව මෙහෙ කවුද ගනන් ගන්නෙ ... තාත්තා බීලා දවස ගානෙම පාරෙ වැටෙනවා... මං පන්ති කරනව කියලා දැන ගත්තත් මෙහෙ ළමයි එවයිද ඉතින් ...
හ්ම්ම් ...ඒකත් ඇත්ත .... කරැමේ .කරැමේ......
සඳලතා තම දියණියන්ගෙ අනාගතය ගැන බිය වුවාය . බේබදු පියෙකු සිටින දරැවන්ගෙ ජීවිතය කඳුලටම දියවෙන බව ඇය සිතුවාය.
අම්මා ...
අම්මා ....
පොඩ්ඩිගෙ කෑ ගැහිල්ලට සඳලතා මුලුතැන්ගෙයි කවුලුවෙන් එළිය බැලුවාය.
දෙයියනේ මේ මිනිහා නම්....
දෙතුන් දෙනෙක්ට වත්තම්ව එන තිලකරත්න දුටු සඳලතාට ඉබේම කියවිනි.
අඩියට දෙකට ගෙයි දොරකඩට ගිය සඳලතා දුටුවේ වෙනදට වඩා වෙනස් දෙයකි.
අනේ දෙයියනේ ...මේ මොකද ...මොකක්ද වුනේ මල්ලියේ....
කෝ කෝ මේකෙන් ඉන්දවන්න....
කලබල වෙන්න දෙයක් නෑ බං අක්කෙ .. අයියට කලන්තයක් දාලා වැටිලා ඔලුව වැදිලා එතන තිබුනු කණුවක...
අපි මේ බේත් දාගෙනමයි ආවේ...
මට ඔය වතුර ඩිංගක් ගෙනෙන් පොඩ්ඩියෙ....
තිලකරත්නගෙ හඩ පවා දුර්වල බව සඳලතා තේරැම් ගත්තාය.
අපි ඉස්පිරිතාලෙ යමුද අම්මා ....
නෑ නෑ ඕන නෑ ... මට අමාරැවක් නෑ ඒතරම් ....
ඒත් ඉතින් කලන්තෙ හැදෙන්න හේතුවක් තියෙන්න එපැයි... නිකං කලන්තෙ හැදෙන්නේ නෑ නේ තාත්තේ ......
කොහෙද ඉතින් බොනවාම මිසක් හොදට මුකුත් කන එකක්යැ ඇගට අල්ලන්න .......
ලෙඩ නොවී තිබුනොත් තමයි පුදුමෙ....
තිලකරත්න කිසිවක් නොකියා වතුර වීදුරුව උගුරට දෙකට බීගෙන ගියාය.
අනේ අම්මා .......
සඳලතාගෙ කටේ තරමද දන්නා ලොක්කි කතාව එතනින් නවත්තන්න යැයි ආයාචනාත්මක බැල්මක් තම මව දෙස බලා හෙලුවාය.
අපි යන්නම් එහෙනම් .... අක්කෙ දොස්තර මහත්තයා කිව්වා දවස් දෙකකින් බේත් දාන්න එන්න කියලා...ටිකක් ඇතුලට පැලිලා........
මේන්මේ බේත් ටිකත් බොන්න දෙන්න කිව්වා .......
ඉදහල්ලා මල්ලියෙ තේ ටිකක් හදා දෙන්න.......
නෑ ....නෑ .....ඕන නෑ ...පරක්කුයි ගෙදර බලං ඇති මෙලහට.....
හ්ම්ම් ....හ්ම්ම් එහෙනම් ගිහින් වරෙල්ලකෝ......
සඳලතා බේත් කවර කීපය ලොක්කි අතට දී ගෙට ගියෙ තිලකරත්නට තේ එකක් හදන්නටය.
රිදෙනවද තාත්තේ .....
හ්ම්ම් .....
පොඩ්ඩි තම පියාගෙ සුව දුක් විමසයි.
බීගෙන ගෙදරට එන තාත්තා ළගට ඇය කිසිවිටෙකත් නොයන බව දන්නා ඉසුරි ඒ දෙස බලා සිටියාය.
අනේ තාත්තා බොන්නෙ නැතුව ගෙදර එනවනම්....කොච්චර හොදද.......
ඉසුරි තමන්ටම කියා ගත්තාය .
අම්මා ...තාත්තව doctor කෙනෙක්ට පෙන්නන වෙයි...
බීලා බීලා ජීවිතේම කාලකණ්ණි කර ගත්තා ...මගෙ ජීවිතේත් විනාසයි ඒ මදිවට දැන් උඹලගෙ ජීවිතෙත් කාලකණ්ණි කරන්න හදන්නේ ........
අනේ අම්මා අසනීප කියලා හැදෙනවද......
දැන් ඉතින් කොච්චර කියෙව්වත් වැඩක් නෑ .. කලන්තයක් නිකං හැදෙන්නේ නෑ ... හවස ගිහින් පෙන්නමු..
අනේ මංදා දරැවො ...
සඳලතා ජිවිතේ ගැන පසුතැවෙයි .
ආ...මේ තේ එක ගිහින් දෙන්න පොඩ්ඩියෙ....තාත්තට....
තව තවත් අගහිකකම් ඇති වේයැයි අනියත බියක් සඳලතාගෙ හිතට ඇතුලුවිය .එය එසේ විය හැකිය.
අවසානය නොවේ.....
නදීරා සමරක්කොඩි ..

COMMENTS