******* සෙනෙහේ මගේ ******* එන්න පපුව උඩින් ඔලුව තියාගන්න .... ම්ම් .... කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් හැමදේම අමතක කරන්න පුළුවන් වු...
******* සෙනෙහේ මගේ *******
එන්න පපුව උඩින් ඔලුව තියාගන්න ....
ම්ම් ....
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් හැමදේම අමතක කරන්න පුළුවන් වුනා ඔයාගෙ පපුවේ හිස තියා ගත්තහම.
ඇයි දුකින් ඉන්නෙ අම්මි....
නෑ ...මුකුත් නෑ ....
ම්ම් .... බොරැ කියන්නත් එනවද ඒ පාර....
ආව් ....
නහය....
මොකක්ද වුනේ කියන්න ....
හ්ම්ම් ....
මොකද ඔච්චර හයියෙන් හුස්ම ගන්නෙ...දන්නවා නේද මට ඉන්න බැරිවෙන බව.....
මොකක්ද අනේ .... ඒ ඉතින් ඈතින් ඉන්දිනේ ....
ඈත ඉන්දි එහෙම නම් ළග ඉන්දි කොහොම ඉන්නද අම්මියෝ...
ම්...ම්....
ඔයා හැම මොහොතෙම මාව සතුටින් තියන්න උත්සාහ කරන බව මං දන්නවා .ඒ තමයි ආදරේ .ජිවිතේට මොන ප්‍රශ්න ආවත් හැමදේම අමතක වෙනවා මේ ආදරේ ළගදි.ඔයා ළග ඉන්න හැම මොහොතක්ම සුන්දරයි .ජිවිතේ විදිනවා කියන්නේ මොකක්ද කියලා තේරැම් ගන්න පුළුවන් වුනේ ඔයාගෙ ආදරේ මගෙ ලෝකේට ආවට පස්සේ .
අම්මී.... ඔයා අද වෙනද වගේ නැත්තේ ඇයි .... මොකක්ද වෙලා තියෙන්නේ ...
කියන්න මට.... මං ආසා නෑ රත්තරන් ඔයා ඔහොම ඉන්නවට.....
අනේ එහෙම මුකුත් නෑ ...මගෙ ඔලුව රිදෙනවා ටිකක් ..ඒකයි....
කෝ..එන්නකෝ ඉතින් ...
නෑ ... ඇත්ත කියන්න මොකක්ද වුනේ ...
ම්ම් ...අද ඔයාලගෙ නැද්දා ආවා ....
ඉතින් ....
අනේ මුකුත් අහන්න එපා මහත්තයෝ අම්මාගෙන් එහෙම...හොදද...
නෑ ...නෑ ...ඉතින් මොකක්ද වුනේ කියන්නකෝ.....
නැන්දා ඇහුවා තාම මුකුත් වෙනසක් නැද්ද කියලා ....
එයාටත් ඕන නැති ඉටිගෙඩියක් නෑ ...
අම්මා මොකද කිව්වේ ...ඉතින් ...
අම්මා කිව්වා තාම නම් නෑ ... එයාලත් නිදහසේ ඉන්න ආසා නැතෑ කියලා ....
ඒකනේ....අපේ අම්මාට තේරෙනවා....
ම්ම් .... ඒත් නැන්දා ගියාට පස්සේ අම්මා කිව්වා ...දැන් නම් ඉතින් ඔය හිටියා මදැයි කියලා ....
ම්ම් ...අපේ අම්මා ආසයිනේ මැණික ...
ඒක ගනන් ගන්න එපා ....ඉතින් ...
නෑ .... මහත්තයෝ ...අම්මා කිව්ව එකට නෙමෙයි ....මටත් බයක් දැනුනා එවලේ....
පිස්සු .... ඔයාට ....
හරි හරි....දැන් දුවෙක්ද පුතෙක්ද ඕන මගෙ අම්මිට.....
දුවෙක් .....
ඔව් ඔයාට ඉතින් හැමදාම ඇහුවොත් දුවලා...
හ්ම්ම් ...දුවෙක් තමයි කවදා හරි අම්මට තාත්තට සලකන්නේ ...දන්නවා ද....
ආ.... ඒකයි මේ....ඇයි දැන් මං මගෙ අම්මා තාත්තා බලන්නෙ නැද්ද ...මැට්ටියේ....
මෙන්න මෙහෙ එනවා.... දුවෙක් හදන්න ....
අයියෝ .... ආයේ .... ඉන්නකෝ....මට බෑ ...
ඉතින් කොහොමද දුවෙක් හදන්නේ ....ඕකනෙ ...
බලන්න වෙලාව කියද කියලා ...
ඇයි .... වෙලාව බලලාද දුවලා හදන්නේ ...
ආ.....මං හදලා පෙන්නන්නද....
හී....
හී...හී....නෙමෙයි ඔට්ටුද....
හ්ම්ම් ...ඔට්ටුයි....
සතුට ,සැනසීම ආදරේ පිරැනු ලස්සන ආදරයක් ලබන්න තරම් පිං කරලා තිබුනා .ඉක්මනින්ම අපේ ලෝකේ තවත් ලස්සන කරන්න පුංචි කෙලි පැංචියක් එනකම් මං බලාගෙන ඉන්නෙ .මටත් වඩා ඔයා ආසාවෙන් ඉන්නවා කියලත් මං දන්නවා මගෙ මහත්තයෝ .
කවදා හරි ඔයා තාත්තා කෙනෙක් වුන දවසට මට තියෙන ආදරේ අඩු කරන්න එපා ඔන්න .....
මං ඔයාගෙ නහය මිරිකලා දවසක් කිව්ව හැටි මතක් වෙලා හිනාවක් මුවගට ආවේ නිතැතින්ම .
--------------------------------------------------------
මල් කැකුලක් දකින හීන ඔබත් සමඟ බෙදා ගන්නට අවසරයි .
නදීරා සමරක්කොඩි .
COMMENTS