සුසුම නුඹ නමින් - breath with you

( හුදෙක් නිර්මාණ රසවින්දනය උදෙසා මිස අන් කිසිවක් මෙහි අනුගත නොවන බවද නිර්මාණය තුලින් මා නොදකින ලෙසත් කරැණාවෙන් ඉල්ලා සිටිමි. ) අහිංසක ...

( හුදෙක් නිර්මාණ රසවින්දනය උදෙසා මිස අන් කිසිවක් මෙහි අනුගත නොවන බවද නිර්මාණය තුලින් මා නොදකින ලෙසත් කරැණාවෙන් ඉල්ලා සිටිමි. )

අහිංසක හිනාව දිහාම බලාගෙන ඉන්න මං හරිම ආසයි පන...

මං ඔයා දිහා එක දිගට බලාගෙන ඉන්න හැම වෙලාවෙම ඔයා ඇයි කියලා අහද්දි මං දුන්නේ ඒ පිළිතුර .

අනේ මාව පිස්සු වට්ටන්නද හදන්නේ ... 

එහෙම කියන ඔයා අහකබලා ගන්නෙ මගෙ ඇස් දිහා බලන්න ඔයාටත් බැරි නිසා කියලා මං දැනගෙන හිටියා.

ඒවගේ ලස්සන දවස් ආයේමත් අපේ ජීවිත වලට එනවනම් .

ඔයාටයි මටයි මහලොකු කාලයක් තිබුණේ නෑ ළග ඉන්න ආදරෙ කරන්න .ඒත් ළග වුන්නු දවස දෙක තුන මුලු ජීවිතේම කරගෙන ඒ මතක එක්ක හුස්ම ගන්න මං පුරැදු වුනා .


මගෙ හැම හීනෙකම ඔයා හිටියත් මං දැ⁣නගෙන හිටියා ඒ හීන හැමදාමත් හීනම විතරයි කියලා . අපි හැමෝටම හීන තියෙනවා ඒත් ඒවා හැබෑකරගන්න වාසනාව තියෙන්නෙ කීයෙන් කීදෙනාටද.

ඔය තරම් ඇස් දෙක රිද්දගන්න එපා සුදු අම්මා ...

හමුවීම් වෙන්වීම් අතර ඒ වචන තිබුනා .

හැමදාම එක දෙයක් ඔයා පැහැදිලිවම කිව්වා මට මතකයි.

මට ඔයාට බලාපොරොත්තු දෙන්න බෑ ...පොරොන්දු වෙන්න බෑ අම්මි....

ඒ කියන වචන මං ඇහුනත් නෑහුන ගානට හිටියේ පපුව පැලෙන්න තරම් මහ වේදනාවක් දැනෙද්දි .

සංසරෙ පතාගෙන ආව ආදරයක් ජීවිතේට මුනගැහුනම ඒක කවදාවත් අමතක කරන්න බෑ .ළග ඉන්න පිං නැති වුනත් හැමදාම හදවතේ ඒ ආදරෙ ජීවත් වෙනවා. 

වැඩිය හිතන්නේ නැතිව ඉමු අපි....

ඇයි පන....

මට බයයි අම්මි ...මං ඔයාට පිස්සු වැටෙයි කියලා ....

ඉතින් කොච්චර හොදද....ඒක තමයි මටත් ඕන පන...

එහෙම කියන්න හදවත කෑ ගැහුව්වත් මං වචන වලට පෙරලුවෙ වෙනම දෙයක්.

හ්ම්ම් ....මං ආයේ මුකුත් නොකියා ඉන්නම්.....

අනේ අම්මි....ඔයා අවුල් වෙනවානෙ....

නෑ මගෙ පන....මං කියන ඒවා ඔයා හිතන්නේ නැතිව ඉන්න ....මට ඉතින් කොහොමත් පිස්සු නෙ.....

එහෙම කියලා මං බොරැවට හිනා වෙන්නේ ඔයා ළග අඬන්න මං අකමැති නිසා. 

සීමාවක් නැති අහස වගේ මටත් ඕන වුනේ ඔයාට ආදරෙ කරන්න . අපිටත් පුළුවන් වුනා නම් අර ඈතට ඉගිලෙන ලස්සන කුරැළු ජෝඩුව වගේ ඉගිලිලා යන්නනේද .ඒත්  අපි හැමදාමමත් බැදීම් එක්ක හිර වෙලා.ඒ බැදීම් අපිව අසරණ කරලා. අඩුම ගානේ හිතන්නවත් නිදහසක් නැති වෙලා.

හැමදාම හීනයක් වුන බලාපොරොත්තු කිසිවක් නැති නමුත් ,ආදරෙන් මුලු හිතම රවට්ටගෙන ,හරියට අර ඈතින් පේන හඳ වගේමගෙම නොවෙනමගේම... වූ නුඹටමං මහ හුඟක් ආදරෙ කරනව

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: සුසුම නුඹ නමින් - breath with you
සුසුම නුඹ නමින් - breath with you
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEzmuzmuTN9FDhg9GnVH9TO9_H6Zd3X5qMhRcr2ZpAVuFgiDD1e5mz57duhyqQTisPj5pmAd__ZCnOZ-Bb43f9Sc3qOMBH-ODKfXTqo_ORjyfDq5HaKTmOuYLeypTsrzy3udsAGb2QLI8P/s320/samen.bmp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEzmuzmuTN9FDhg9GnVH9TO9_H6Zd3X5qMhRcr2ZpAVuFgiDD1e5mz57duhyqQTisPj5pmAd__ZCnOZ-Bb43f9Sc3qOMBH-ODKfXTqo_ORjyfDq5HaKTmOuYLeypTsrzy3udsAGb2QLI8P/s72-c/samen.bmp
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/08/breath-with-you.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/08/breath-with-you.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy