මගෙ රත්තරන් පුතේ...... ඇයි දෙවියනේ මෙහෙම දෙයක් කරගත්තේ ....අයියෝ ... මගෙ ලොකු එකී.... දෙයියනේ .... දැන් මේ දරැවො දෙන්නට මොකද වෙන්නේ ....
ඇයි දෙවියනේ මෙහෙම දෙයක් කරගත්තේ ....අයියෝ ... මගෙ ලොකු එකී....
දෙයියනේ .... දැන් මේ දරැවො දෙන්නට මොකද වෙන්නේ ...ඇයි පුතේ උඹ දරැවො ගැනවත් හිතුවෙ නැත්තේ....
අම්මේ ... .. අනේ දැන් අඩන්න එපා ..පුතාලා දෙන්න බය වෙලා... පව් ..එයාලව බලන්න කෝ...
මට බෑ ... මගෙ කෙල්ල මෙතන දාලා යන්න බෑ ... අනේ ඒකී මෙහෙම කෝච්චි පාරේ මම දාලා යන්නේ කොහොමද දෙයියනේ ... අයියෝ ... මගෙ රත්තරනේ ...
අම්මේ ...කියන දේ අහන්න ..
එන්න අපි යමු ..දැන් ඉතින් ඉස්සරහට වෙන්න ඕන ටික කරන්න ඔයා ශක්තිමත් වෙන්න ...අර පොඩ් වුන් දෙන්නට අම්මා ඇරෙන්න වෙන කවුද ඉතින් දැන්....
රෝහිණි තම වැඩිමහල් දියණියගේ ශරිරයේ වෙන් වී ගිය කොටස් තැනින් තැන වැටී ඇති අයුරැ මහත් වේදනාවෙන් කදුලු පිරි දෙනෙතින් බලයි.
මවකට මීටත් වඩා දුකක් වේදනාවක් තවත් කොයින්ද.තමන්ගේ කුසින් වදාපු දරැවකුගේ මරණය දකින්නට වීම ..ඊටත් එහා ගිය සිදුවීමක් නොවෙද මෙය.හදුනාගත නොහැකි තරම් ශරිරයේ කොටස් වෙන්වී තැනින් තැන විසිරි ඇත්තේ තම දියණියගේ බව දැනෙන විට මවකට දරා ගත නොහැකි වේදනාවක් හදවත පුරා රිදුම් දෙනු නොඅනුමානය .
අවට සිටින සමහරැන් රෝහිණි දෙස මහා අනුකම්පාවෙන් බලා සිටියි.ඇය හැඩු කදුලින් දුම්රිය මාර්ගය දිගේ ඇවිද ගියේ දෙදෙනෙකුගේ අත් වාරැවෙනි.
අනේ ...නංගී නේද..අර... එයාට බලන්න දෙන්න එපා...
අම්මේ ... අනේ අක්කා කෝ ...අම්මේ ..මගෙ අක්කා ...මට බලන්න ඕන ...මගෙ අක්කා කෝ...අම්මේ ...
නංගී ...අපි යමු...අක්කාව බලන්න බෑ ...
මට බලන්න ඕන ...මගෙ අක්කා කෝ...මට යන්න දෙන්න ...මං අක්කා ළගට යන්න ඕන...එයාට මං කතා කරන්න ඕන...මට යන්න දීපල්ලා මගෙ අක්කා ළගට.... අම්මේ ...මෙයාලට මාව අතඅරින්න කියන්න ...මට අක්කා බලන්න ඕන.... අනේ මගේ අක්කෙ ...ඇයි .... දෙයියනේ ...මෙහෙම කලේ...
තම එක් කුස උපන් සහෝදරිය මෙවන් තීරණයක් ගනීවියැයි නයෝමි කිසි විටෙකත් සිතන්නට නැත.ඔවුන් දෙදෙනා සහෝදරියන්ටත් වඩා හොදම යෙහෙලියන් යැයි පැවසීම වඩාත් උචිතය.
රෝහිණි සිහි විකල්ව මෙන් ඔහේ බලා සිටියි.ඇය කිසිත් නොපවසා තම බාල දියණිය අදෝනා දෙන අයුරැ නිසොල්මනේ බලා සිටියද ඇගේ නෙතින් කදුලු ගලා එයි.
කීපදෙනෙකු එක් වී දිනාරා ගේ මවත් සහෝදරියත් ඔවුන්ගේ නිවස කරා රැගෙන ආවේය .
ඒ වන විටත් නිවසට බොහෝ දොනකු රැස්වී සිටියහ.දිනාරාගේ පුතුන් දෙදෙනා වටා කීප දෙනෙකුම සිටියි.
අාච්චි අම්මේ ....අපේ අම්මා ...
රෝහිණි කදුලු පිරි දෙනෙත් උඩට හරවා ගත්තාය.
දරැවන් දෙදෙනා දෝතින් බදා ගත් රෝහිණි යලිත් විලාප තබන්නට විය.
මගෙ පුතේ.... අම්මා අපිව දාලා ගිහින් පුතේ...මට උඹලව දීලා ....දෙයියනේ ...මේ දරැවො දෙන්න ගැන හිතුවෙ නැත්තෙ ඇයි මගෙ රත්තරනේ ....මුන් දෙන්නට මමත් නැති දාක කවුද දෙයියනේ ....
ඉකි ගසන පුතුන් දෙදෙනා ළගට පැමිණි නයෝමි ඔවුන් බදාගෙන හඩන්නට විය.
ලොකු ...අම්මා ....
පුංචි ..... අපේ අම්මා ...එනවා නේද....
අනේ මගෙ රත්තරන් ...අඩන්න එපා දෙයියො ...අම්මා ...එයි...
ඔයා බොරැ නේද කියන්නේ ... ...අම්මා ආයේ එන්නෙ නෑ නේද...පුංචි ...
නෑ ..මගෙ චුටියෝ ...කෝ ඉතින් අඩන්නෙ නැතුව ඉන්නකෝ... කෝ නංගීලා...දෙන්නා....
ගෙදර ආච්චි ළග...
අර....
සියල්ල කල්පනාවෙන් කල යුතු බව නයෝමි තේරැම් ගන්නට ඇත.ඇය සිහියෙන් සිටිය යුතුය .දරැවන් හතර දෙනෙකු දෙස සැලකිලිමත්ව බලන්නට ඇය ඇරෙන්නට වෙන කිසිවෙකු දැන් නොසිටියි.
හිස ගිනි ගෙන දැවුනද කුමක් කරන්න ද.
මවගෙ සිහිය විකල්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ .
තැනින් තැන වට වී එකිනෙකා කතා කරන්නෙ සිදුවු විනාශය ගැන වන්නට ඇත.විවිධාකාර කතා ගොඩ නැගෙනු නිසැකය මේ මරණය වටා.එහෙත් මෙහි සත්‍ය දන්නෙ අන් කවරෙකු හෝ නොව ඇය පමණක්මය. ඇයට දරාගත නොහැකි කිසියම් ගැටලුවක් හදවතේ තිබෙන්නට ඇත.එයට හොදම විසදුම ලෙස ඇය තෝරා ගන්නට ඇත්තේ මරණය වන්නට ඇත.
නමුත් මරණය විසදුමක් ද.. ඇයට විසදුමක් සොයන්නට බැරි වුනේ මන්ද.
අසරණ වුයේ කවුරැන් ද.
ස්තුතියි .
නදීරා සමරක්කොඩි .
COMMENTS