මහ වැස්සක් අත ළග මුලු අහසම කළු කරල හරියට මගෙ හිත වගේ.රිදෙන තරමක් දන්නෙ මම විතරයි . අහක බලාගෙනම සයුරි කියවන්නෙ මතිලට ඇහෙන්න. මතිලගෙන...
අහක බලාගෙනම සයුරි කියවන්නෙ මතිලට ඇහෙන්න.
මතිලගෙන් ප්‍රතිචාරයක් නැති තැන සයුරි ආයෙත් කියවන්න ගත්ත .
අපේ අම්මලටත් මගෙ දුක පේන්නෑ..එයාලටත් ලොකු නම්බුව ...මම මැරිලා හරි එයාලගෙ නම්බුව බේරැනානම් ඇති.....
මේ ගෑනියේ... එක එක ගෑනු පාවා දෙන්න එපා මට...මොන කරැමයක්ද ඕයි මේක....සයුරි මේ...තමුසෙගෙ ඔය රෙද්දෙ කියවිල්ල නවත්තගන්වද මම එලියට බැහැල යන්නද....
ඉතින් යනව.... යනව... එනකම් බලාගෙන ඇතිනෙ අරකි....
මතිල නැගිට්ටේ අතේ තිබුන පත්තරේ දමලා ටිපෝව උඩට විසිකරන ගමන්.
සයුරිත් නවත්තන්න කල්පනාවක් ඇත්තේම නෑ .
ජීවිතේ අපායක් වුනා මගෙ....
සයුරි තමුන්ට මං එකක් කියනනම් තමුන්ට හිතෙනව නම් මා එක්ක ඉන්න බෑ කියල divorce වෙනවා වදයක් නොවි... හැබැයි මට වද දෙන්න එපා...මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනව....
ආ....ඇත්ත ද ...divorce වෙන්න නේද...ඇයි අරකි කිව්වද බඳිමු කියල ... අනේ හා....ශෝක් මගෙන් divorce වෙලා ඒකිව බඳිනව... හැබැයි අර පොඩි එකීවත් තමුසෙගෙ හොර ගෑනිට ගිහින් දෙනව බලන්න ..
නොදකින් උඹ වගේ අම්මා කෙනෙක් ....උඹ ට දැරැව වදයක් කියල මං දන්නව ...හිටපං තනියම මං මගෙ දරැවත් අරං යනව ...උඹ ඕන මගුලක් කර ගනින්...මට මේක ඇති වෙලා.....
මතිල කෙලින්ම ගියෙ තම පුංචි දියණිය නිදන කාමරයට.මලක් වගේ චූටි දුව නිදන අයුරු දුටු මතිලට හුස්ම හිර වෙන්න වගේ ආවේ අම්මාගෙන් වෙන් කරල මේ පැංචි මම කොහොම හදන්න ද කියල හිතුන නිසා.
ඇයි නැවතුනෙ අරං යනව...මට බෑ තනියම ළමයෙක් හදන්න ....අරකි හදන්නේ නැතෑ.....
කට වහපං බැල්ලි.... උඹ හිතන මඟුලක් අපි අතර නෑ....ඒ කෙල්ල උඹ වගේ ජරා විදියට හිතන්නේ නෑ ...
ආ....ඇත්ත ද .... ඒකි හොඳයි...මං තමයි ජරා නේද....ඔය කියවෙන්නේ ....
යකෝ ගෑනියෙක් වුනහම ටිකක් සංවර වෙයන්...උඹ උදේ ඉදන් රෑ වෙනකම් වරමක් අරං වගේ....මටත් උඹ දැන් එපා වෙලා....මම ඉවසන්නෙ මෙි දරැව නිසා ...අන්න ඒක දැන ගනින් .... උඹව දාල යනඑක මට මහ වැඩක් නෙවෙයි....
සයුරි හිතන විදිහ ගැන මතිලට තිබුනෙ අපුලක්. හැමදේම ඉවසුවෙ පුංචි දුව නිසා.
මාව එපා වෙලා නම් මං යන්නම්...අරකිව ගෙනත් සතුටින් හිටපං.....
සයුරි එහෙම කියාගෙන කාමරෙන් එළියට ගියා .මතිලත් චූටි දුව ළගින් ඇල වුනෙ හිතට හරි නැති නිසා. හැමදාම සයුරිගෙ විදිහ ඔහොමයි කියල දන්න මතිල නිහඬ බව ඇරෙන්න වෙන දෙයක් අනුගමනය කලේ නෑ . එ්ත් සයුරි මෙච්චර ඉක්මනින් රංඩුව නැවැත්වීම මතිලට ප්‍රශ්නයක් වුන නිසා ඇදෙන් නැගිටල කාමරෙන් එලියට ආව.
සයුරි .......
මතිලට යම් සැකයක් දැනුනෙ සයුරි නිහඬ නිසා .
සයුරි ........
ගෙවුණු පුංචි වෙලාව ඇතුලත සියල්ල සිදුවී අහවරය.
සයුරි ........ අයියෝ දෙයියනේ ඔයා මොකක්ද මෙි කර ගත්තේ ......
මතිල හා පුංචි දියණිය මෙලොව තනි කර සයුරි යන්නට ගියාය.ඇය නිරපරාදේ මෙවන් තීරණයක් ගන්නට හේතුව කුමක් ද..ඇය සැකය යන විෂබීජය නිසා විනාශ වූ තවත් එක ජීවිතයක් විය.
සැකය......
කුටුම්බයෙහි සතුට සැනසුම විනාශ කර දමයි.....
සැකය
මානසික අාතතිය ඇති කර ජීවිත හානියක් කරා වුවද සිත මෙහෙයවයි.
සැකයක් දැනුන විට ......විවෘතව කතා කරන්න . මනස නිරවුල් වන තුරැ සාකච්ඡා කරන්න .... එයද පලක් නැති නම් මානසික වෛද්‍යවරයකු හමුවන්න. සැකය මනසින් ඉවත් වන තුරැ සතුට නුඹ වෙත නොපැමිණිනෙනු ඇත.
නුඹ පමණක් නොව නුඹ වටා සිටින සියලුදෙනා එයින් අපහසුතාවට පත්වනු ඇත
COMMENTS