හිමි වූ නොපැතු පෙම

සුදු දුව...  ඔයා ලෑස්ති ද ? නැකත් වෙලාවත් ළඟයි දැන් ... අම්මා මාව අමතද්දී  මා තිගැස්සී ගියේය... ඇයි පුතේ මූණත් එක්ක මැලවීලා වගේ......




සුදු දුව...  ඔයා ලෑස්ති ද ? නැකත් වෙලාවත් ළඟයි දැන් ...

අම්මා මාව අමතද්දී  මා තිගැස්සී ගියේය...
ඇයි පුතේ මූණත් එක්ක මැලවීලා වගේ...
ඔයා හොඳින් නේද  පුතේ...
අනේ නෑ අම්මේ...එහෙම දෙයක් නැහැ...
තව විනාඩි පහක් දෙන්න අම්මේ.

හරි සුදූ  එහෙනම් ලෑස්ති වෙලා කතා කරන්න...මම ගිහින් අමුත්තන් එක්ක කතා කරලා එන්නම්...
හරි අම්මා ...

අද මාගේ ජීවිතයේ වැදගත්ම දවසය. ඔහු මට මුණ නොගැසූනා නම් අද මා ජීවතුන් අතර නැත. මට ඒ අමිහිරි අතීතය යලි යලිත් මතකෙට නැගෙන්නට විය...

සඳුන් මට මුණ ගැසුණේ මා රාජකාරී කරන ස්ථානයේදීය. පෞද්ගලික ඇඟලුම් ආයතනයක සුපවයිසර්වරියක් ලෙස මා කටයුතු කල අතර සඳුන් එහි විධායක කළමනාකරුවෙකු ලෙස රාජකාරි කලේය...

සමාධි මිස්.. සඳුන් සර් මිස්ට ඔෆිස් එකට එන්න කිව්වා... මගේ section එකේ ළමයෙකු මා හට එසේ පැවසූ පසු  මා සඳුන් සර් ගේ ඔෆිස් එක වෙත පිය නැඟූවෙමි.

ඔෆිස් එක ඇතුළේ බොහෝ පිරිසක් සිටිනු මා දුටිමි. මොකක් හරි ප්‍රශ්ණයක් වෙලාවත් ද ? මගේ යටි සිත මගෙන් විමසීය...

Excuse me සර්

සර් මට එන්න කිව්ව ද ?  මට එසේ අසා ඉවර වෙන්නටත් කලියෙන් සඳුන් සර්
මොනවද සමාධි මේ වැඩ... ඔයා සුපවයිසර් කෙනෙක් නේද ? ඔයා බලන්නෙ නැද්ද මේවා.

ඇයි සර් මොකද වෙලා තියෙන්නේ...පැමිණ සිටි පිරිස දෙස හොරැහින් බලන ගමන් මම ඇසුවෙමි.
මා නොසිතූ ලෙස සඳුන් සර් මට බැන ගෙන බැන ගෙන ගියේය. මම මහත් ලජ්ජාවට පත්වීමි. එතන් සිටි හැමෝම මා දෙස කන්නට මෙන් බලා සිටියත් ඒ සැවොම බොහොම භීතියකින් පසු වන බව මම දුටිමි...
අපි හැමෝටම අවවාද කිරීමෙන් පසු සැවොම පිටවී ගියේය. අවසානටය මා පිටව යන්නට හදන විට සඳුන් සර් නැවත මා ඇමතූවේය. ඔහු සමග තවත් මහතෙකු ද  සිටියේය...

සමාධි පොඩ්ඩක් ඉන්න.
ඇයි සර්...
සමාධි..
සඳුන් සර් ආයෙත් මට නොනවත්වාම බැන්නේය... මගේ දෑස් වලින් කඳුළු වැටෙන්නට ඔන්න මෙන්නය.... මෙහෙම වැඩ කලොත් මට ඔයාව සේවයෙන් අයින් කරන්න වෙයි... කල්පනාවෙන් වැඩ කරන්න...
දැන් යන්න...
මට අයත් වු section එකේ garment කිහිපයක damage ඇතිව paas කර ඇති බව පසුව දුටුවෙමි.
සඳුන් සර් ගේ බැනුම් දෝන්කාර දෙන්නට විය. මම washroom එකට ගොස් බොහෝ වේලා හැඩුවෙමි. ඉකි ගස ගසා හැඩුවෙමි.

ඒ අතර මා සොයාගෙන මගේ මිතුරිය වූ සකූ පැමිණියේය...
සඳුන් සර් ගොඩක් බැන්නද ?
හ්ම්... මම හෙට ඉදන් වැඩට එන්නෙ නැහැ සකූ.
ඕවා ගනන් ගන්න එපා. අපිට ඔයිට වඩා බනිනවා...
අනේ මට බැහැ සකු..මම ආයේ එන්නෙ නැහැ...

එදා මම ආයතනයෙන් බැහැර යන ගමන් සිතුවේ ආයේ කවදාවත්ම වැඩට නොයෙනා ලෙසයි. ඒත් ආයතනයෙන් පිට වීමට යන මොහොතේදී...
සමාධි ...සමාධි...
සකු මා ඇමතුවාය.   අන්න සඳුන් සර් ඔයාට ඉක්මනට ඇවිත් සර්ව හම්බෙන්න කිව්වා.

ඒ පාර මොකක්ද ...මම මටම කියා ගත්තෙමි.
 සමාධි ....මොකද හෙට ඉදලා වැඩට එන්නෙ නැහැ කියන්නෙ. සකුන්තලා තමයි මට කියුවේ.

මේ සකූටත් කට වහගෙන ඉන්න බැහැනේ..

නෑ සර් එහෙම දෙයක් නැහැ...
හරි හරි වැරදි වලට අපි බනිනවා තමයි..පිස්සු නැතුව හෙට වැඩට එන්න...

මම හිස වනා එතනින් පිටවීමි. මා එනතුරු සකූ පෙර මග බලා සිටියාය.

දැන් හරි නේද ,,, සකූ ඇසුවේය.
අනේ යන්න සකූ. ඇයි ඔයා ඒක සර්ට කිව්වෙ .
හරි හරී ඒක අමතක කරන්න..
මේ යමුද උණු උණු වඩේ කන්න...
හ්ම්ම්ම් යමුකො එහෙනම්...

කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියේය.මා සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. යලි කිසි දිනක සඳුන් සර් මට බැන්නේ නැත. මා සතුටෙන් වැඩ කලෙමි.
 දවසක්....
මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය...
හෙලෝ...
කවුද කතා කරන්නේ...

මේ සමාධි  ද ?
ඔව් සමාධි තමයි.  කවුද කත කරන්නෙ.

සමාධි ... මම සඳුන් .... ආ සඳුන් සර්...   සර්ට කොහෙන්ද මගේ පෝන් නම්බර් එක...
ඇයි සර් ආයෙත්  ප්‍රශ්ණයක්ද ?...

නැහැ ළමයෝ...
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද ? කියන්න සර්...
සර් සර් කියන්න එපා සමාධි ... මට සඳුන් කියන්න...
ඇයි සර් මේ...
සර් හදන්නෙ ආයෙත් මට බනින්නද ?
නැහැ ළමයෝ ....මට ඔයාට දෙයක් කියන්න තියනවා...
 මොකක්ද සර්...
ඔන්න ආයෙත් සර් කියනවා.
සමාධි ...මට සඳුන් කියලා කතා කරන්න.
ඇත්තටම සමාධි.... මට ඔයාට කියන්න දෙයක්  තියනවා... හෙට මාව හමුවෙන්න පුළුවන් ද....

මේ මොකක්ද මේ වෙන්න යන්නෙ.මාව වෙව්ලන්නට විය...මා කිසිවක් පවසුවේ නැත...
සමාධි .... සමාධි ....හෙලෝ....

මා දුරකතනය විසන්දි කලෙමි...

පසුදා මා සුපුරුදු ලෙස රාජකාරියට ගියෙමි.
පෙර දිනයේ ආ ඇමතුම පිළිබඳව මා සකූට කීවෙමි. සඳුන් සර්ගෙ  හිතේ ඔයාට ආදරයක්වත් ඇති වෙලාද දන්නේ නැහැ.
අනේ යන්න සකූ. එහෙම වෙන්නෙ කොහොමද ...මම වගේ දුප්පත් කෙල්ලෙක්ට ඒ වගේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ.

එහෙම කියන්න එපා සමාධි. සමහර විට සඳුන් සර් උඹට ආදරේ ඇති....

Lunch time එකේ දී  සඳුන් සර් මා හමුවට පැමිණියේය... සකුන්තලා සඳුන් සර් එන බව දුටු විට ඇය මා අසළින් නැගීට ගියේය. ඊයේ සිදු වු දෙය මා සකූට පවසා තිබූ නිසා යැයි මට සිතුනි.
සමාධි... කොහොමද ඉතින්....
හොඳයි සර්....
සමාධි මට සර් කියන්න එපා කිව්වනේ....
සමාධි ඇත්තටම මට ඔයාට දෙයක් කියන්න තියනවා....
මම සඳුන් සර්ගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ නපුරු මුහුණ දෙස බලන්නට පවා මම බියවීමි.

සමාධි ....මම ඔයාට ආදරෙයි....ඔයා කැමතිද මාව marry කරන්න....

මම ඉක්මනට වට පිට බැලුවේමි. ඒ කවුරුන්ට හෝ එය ඇසුනා දැයි බැලීමට...
මම බයෙන් වෙව්ලන්නට විය...
දෙයියනේ මොනවද මේ මට ඇහෙන්නේ..
සඳුන් සර් මට ආදරය කරනවා... මේක හීනයක් නෙමෙයි නේද ?

සමාධි ....සමාධි.... මොකද මේ බය වෙලා වගේ...
නෑ ...නෑ ... සර්....

එලෙස අපේ ආදර කතාව පටන් ගත්තේය...
කාලයත් සමග
මම ඔහුට බොහෝ සේ පෙම් කලෙමි. ඉස්සර සඳුන් සර් කියා ඇමතූ මම දැන්  සදූ ලෙස ඔහුව අමතන්නට වූයෙමි.මා රැකියාවක් කල යුතු නැති බැව් ඔහු පැවසූ පසු මා සේවයෙන් පවා ඉවත් වූයෙමි... අපේ සම්බන්ධය ගැන ගෙදරට පවා කීවෙමි.
මගේ පණටත් වඩා ඔහුට පෙම් කලෙමි...
ඔහුද මට බොහෝ පෙම් කරන බව මම සිතුවෙමි.

ඒත් එක්තරා දිනකදී   සකුන්තලා මට දුරකතනයෙන් ඇමතුවාය...

සමාධි.... මම සකූ....
කියන්න සකූ...
සමාධි උඹට සඳුන් සර්ව විශ්වාද ?
ඇයි සකූ එහෙම අහන්නෙ.
එයා ලබන සතියේ ගෙදර ඇවිත් කතා කරනවා කිව්වා අපේ කසාදෙ ගැන ත්...

කලබල වෙන්න එපා සමාධි. මට පොඩි සැකයක් තියනවා...මම දැක්කා එයා අද වෙන girl කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා...
ආ... අඳුරන කෙනෙක් වෙන්න ඇති සකූ..මම කීවෙමි.
 සමාධි පොඩ්ඩක් හොයලා බලපන්...උබේ හොඳටයි කියන්නෙ.
අනේ සකූ මේ මිනිසුන්ට පද හදන්නෙ නැතුව ඉන්න.මට සඳුන්ව විශ්වාසයි.
හරි හරි එහෙනම් කමක් නෑ. උබ මගේ යාළුවා නිසයි කිව්වෙ.
මම දුරකථනය විසන්දි කලෙමි. සකු එක්ක තරහක්ද හිතුනි.
මම සඳුන්ට කෝල් කලෙමි...
බබා මම පොඩි වැඩක් තව ටිකකින් ගන්නම්....
මගේ හිත රිදුනත් සකූ කියු දේ මා විශ්වාස නොකලෙමි. මට සඳුන්ව  ඒ තරමට විශ්වාසය...

පසූදා  උදෑසන මට සඳුන්ගෙන් ඇමතුමක් ආවේය...
සමාධි මට ඔයාව හම්බෙන්න ඕනේ...
හරි මම එන්නම්....

මම සඳුන් හමු වීමට ගියේ මහත් වු සතුටකිනි...

සඳුන් පැමිණ සිටියේ තවත් ගැහැනු ළමයෙකු සමඟය....

ඇය සිටියේ කාර් එකේය...
අනේ අද නංගීත් එක්කන් ආවද ? ඔයා මට කලින් කිව්වෙ නැහැනෙ....

සමාධි ..... ඒ මගේ නංගී නෙමෙයි....

එහෙනම්?
මට සමාවෙන්න සමාධි .... මේ මම merry  කරන්න ඉන්න කෙනා....
මොකක්ද ? 
මොනවද සඳු මේ කියන්නෙ... ඔයා මාවනෙ merry කරන්නෙ...
මගේ මුවින් වචන් පිට නොවේ... එය දරා ගත  නොහැකිය....
සඳුන් මහා හයියෙන් මොනවද මොනවද කියා ගෙන ගියේය.... මම සඳුන්ගේ දෙපතුල් බදාගෙන හැඩුවෙමි.
අනේ සඳුන් එහෙම කරන්න එපා....
මම දුවගෙන කාර් එක ළඟට ගියේ පිස්සියක් වගේය... කාර් එක ඇතුළේ සිටි තරුණි...
කවුද සඳුන් අයියේ මේ....
දෙන්නා මොනවා කිව්වද මට මතක නැත...
මා ඔවුන් දෙදෙනාගේම දෙපා ළඟ වැද වැටුනෙමි.... අනෙ සදුන් ඇයි ඔයා මෙහෙම කලේ....
පාරේ යනෙන මිනිසුන් ද අප දෙස බලා සිටී....
පිස්සුද සමාධි ....
ඔයා වගේ හිගන්නියක් මට merry කරන්නද කියන්නෙ.
දෙයියනේ සඳුන් මේ ඔයාමද ? අනේ......සඳුන් එහෙම කියන්න එපා...මම ඔයාට ගොඩක් ආදරෙයි...ඔයා වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරන්නම්....මාව දාලා යන්න එපා....

මම පිස්සුවෙන් වගේ කීවෙමි....
ඇත්තටම මට ආදරෙයි නම් අර එන කෝච්චියට පනිනවා....
සඳුන්....මොනවද මේ කියන්නෙ...
ඇයි බැරි ද ? ....
කෝ සමාධි ඔය කියපු  මහ ලොකු ආදරේ....
..එසේ කියා සඳුන් පැමිණ සිටි ගැහැනු ළමයා ගේ අතින් අල්ලාගෙන කාර් එකෙන් පිටවි ගියේය....

දෙයියනේ .....මගේ ආදරේ.... මම ඔයාට ඇත්තටම ආදරෙයි සඳුන්....
ඉන්න මම ඔයාට ඒක ඔප්පු කරලා පෙන්නන්නම්.....

ඈතින් එන කෝච්චිය මගේ නෙත ගැටුණි...
මම දුවගෙන දුවගෙන ගොස් කෝච්චියට පැන්නෙමි. 😢 😢

ඒත්....

කවුරුන් හෝ මාගේ අතින් ඇද්දේය....

චටාස්.......... මගේ මුව මත මහ හයියෙන් කම්බුල් පහරක් වැදුණි...

තමුසෙට පිස්සුද ඕයි.... කොහෙවත් ඉන්න එකෙක් නිසා මැරෙන්න හදන්නෙ...

මට ඒ මුහුණ දැක  ඇති බව මතකය. එහෙත් මේ වේදනාවත් සමඟ ඔහු කවුද කියා මට මතක නැත... මාගේ දෙනෙත් වල තවමත් කඳුළුය....
ඔහු මගේ අතින් අල්ලා ගත්තේය....
නගිනවා ගිහින් කාර් එකට...
ඔහු යකෙක් සේ කීවේය....
තමුසෙට ඇහුනෙ නැද්ද.... නගිනවා ගිහින් වාහනේට....

මම බියෙන් බියෙන් කාර් එක ළඟට ගියෙමි.
වට පිටාවේ මිනිස්සු පිරී ඇත. මට මහත් ලජ්ජාවකි.... මා කාර් එකට ගොඩ වූයෙමි. ඔහු පැමිණ කාරය පදවා ඉදිරියටම ගියේය....

මම මොහොතකට ඇස් පියා ගතිමි....සිදු වූ දේ සිහියට ආවේය....
ඇයි සඳුන් ඔයා මට මෙහෙම කලේ.....

මම හයියෙන් ඇඩුවෙමි.ඉකි ගස ගසා ඇඬුවෙමි.... මතක් කර කර ඇඬුවෙමි...
වේගයෙන් ගිය කාරය එක පාරටම නතර වූවේය....
අඩලා  ඉවරද ?

ඔහු ඇසුවේය .....මම ඔහු දෙස බැලුවේමි.

මාව අඳුරනවද ?
මම  හිස සෙලවූයේ නැහැ කියාය...
හොඳට මතක් කරන්න....
මම නැවත ඔහු දෙස බැලුවේමි.

දෙයියනේ මේ අර එදා ඔෆිස් එකේදි සඳුන් මට බනින වෙලාවෙ ළඟ හිටිය සර් නේද ?

මම ඉක්මනටම කාර් එකෙන් බහින්නට හැදුවෙමි. එවිට ඔහු මගේ අතින් අල්ලා මාව නතර කලෙමි...
කොහෙද යන්න හදන්නෙ.මතක් උනාද මාව?

ඔව් මම හෙමින් කීවෙමි...

මම කල්ප.... කල්ප සූරියබන්ඩාර....
ඔයා වැඩ කරපු ආයතනයේ  අයිතිකාරයා මම.... මම හැමදේම දන්නවා....
එදා ඔෆිස් එකේදි තමයි මම ඔයාව දැක්කෙ ....
සඳුන් කියන්නෙ මගෙ සේවකයෙක්... සඳුන් කලේ මුල ඉදලම රඟපාන එක. ඔයා එයාගෙ බොරු වලට රැවටුනා . මම මේ දේවල් දිහා දුරින් ඉදන් බලාගෙන හිටියෙ. කිව්වෙ නැත්තේ ඔයාම තේරුම් ගන්න ඕනෙ නිසයි.

ඔයා නොදන්වා උනාට මම ඔයාට ගොඩක් ආදරය කලා...මම කැමතියි ඔයාව merry කරන්න...හෙට උනත්...තේරුනාද ?

මේ සුරංගනා කතා තවත් ඉවසා සිටීමට නොහැකිය .මා කාරයෙන් බැස ගියෙමි..

දින ගණනක් ගත විය...සඳුන් ගේ කිසිදු තොරතුරක් නැත...
දුව... ඔයාව බලන්න හෙට මනමාලයෙක් එනවා.... ඔයා ලෑස්ති වෙන්න ඕනෙ.
අනේ මට බැහැ අම්මා.
බැහැ කියලා  බැහැ . දුව...

පසුදා  මා බැලීමට මනමාලයෙක් පැමිණියේය .
අම්මගේ බල කිරීම මත මා ඔහු හමුවට පැමිණියේය ....
දෙවියනේ....... කල්ප සර්....
කල්ප සර්ගෙ අම්මයි තාත්තායි  අක්කයි ....
මට පුදුම සිතුනි....
අපේ පුතා කැමති නම් දුවත් කැමති නම් අපි මේ කසාදෙට කැමතියි.
ඒ කල්ප සර්ගේ තාත්තාය.....

කල්ප සර් මට ජීවිතය ගැන බොහෝ දේ කියා දුන්නේය ....
ඔයා කැමති ද මාව marry කරන්න....
ඔහු මගේ දෑතින් අල්ලාගෙන ඇසුවේය....

මම කැමති නැහැ .මම පැවසුවෙමි......
ඔහු දුකෙන් ඉවත බලා ගත්තේය .....

මට සිනහවක් නැගුණි .....
මොකද හිනා වෙන්නෙ....
ඔහු ඇසීය..... ඔයා නිසා තමයි අද මම ජීවත් වෙන්නෙ...මගේ ජීවිතය හැමදාම ඔයා වෙනුවෙන්මයි......
මම කැමතියි ඔයාව merry කරන්න...

සුදු දුව  ඔයා ලෑස්ති ද ?  ඒ අම්මාගේ  කටහඩය....

මා පියවි සිහියට ආවෙමි....එදා සඳුන් මා අත් නොහැරියා නම් කල්ප වගේ රත්තරන් මහත්තයෙක් කිසිදා මට හමු නොවනු ඇත....

කල්ප ....  ඔහු නිසා තමයි අද  මම ජීවත් වෙන්නෙ. සැබෑ ආදරය මොකක්ද කියලා කියලා දුන්නෙ මට ඔහුයි...මගේ මුලු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරනවා.පණ වගේ ඔහුට ආදරය කරනවා. ඔහු තමයි  මගෙ ජීවිතයම. සැබෑ ආදරය කියා දුන් ඔහු මගේ ආදරයේ දෙවුරුවයි. 🌹 🌹 ❤ ❤

COMMENTS

Name

couple_love,12,Loneliness,6,Love,14,poem,2,short stories,21,true stories,13,
ltr
item
හිතුවක්කාරී: හිමි වූ නොපැතු පෙම
හිමි වූ නොපැතු පෙම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYDRK2V7z1uc18hwcbArY39IG4JasIyNBADT5PgTsP1pdp6h68VpCpInTSaFj6NRTX9DhyphenhyphenSY5Qp2kwLsCJhazQe15ntxA710ka4dCntWFMm7Dmzip5d0rUJQmEi-Di3fi3javhQdu2nNU/s320/brunette-girl-man-couple-love-hd-wallpaper.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYDRK2V7z1uc18hwcbArY39IG4JasIyNBADT5PgTsP1pdp6h68VpCpInTSaFj6NRTX9DhyphenhyphenSY5Qp2kwLsCJhazQe15ntxA710ka4dCntWFMm7Dmzip5d0rUJQmEi-Di3fi3javhQdu2nNU/s72-c/brunette-girl-man-couple-love-hd-wallpaper.jpg
හිතුවක්කාරී
https://hithuwakari.blogspot.com/2018/10/blog-post_15.html
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/
https://hithuwakari.blogspot.com/2018/10/blog-post_15.html
true
2236871197124328673
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy